Home උණුසුම් පුවත් KDU රෝහලේ ගොඩනැගිලි 10 අකුණු සන්නායක තඹ පටි සොරාගනී

KDU රෝහලේ ගොඩනැගිලි 10 අකුණු සන්නායක තඹ පටි සොරාගනී

0
KDU රෝහලේ ගොඩනැගිලි 10 අකුණු සන්නායක තඹ පටි සොරාගනී

වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි 10ක සවිකර ඇති අකුණු සන්නායකවල ඇති තඹ පටි සොරාගෙන ගොස් ඇති බවට බොරලැස්ගමුව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

මෙම පැමිණිල්ල ඊයේ ඉදිරිපත්කර ඇත්තේ රෝහලේ ආරක්ෂාව භාරව සිටින ලුතිනන් කර්නල්වරයෙකි.

එම පැමිණිල්ලට අනුව සොරාගත් තඹ තහඩුවල වටිනාකම රුපියල් ලක්ෂ 65කට අධිකය.

මෙම සොරකම ජනවාරි 30 වෙනිදාත් ජූලි 03 වෙනිදාත් අතර සිදුව ඇතැයි සැකකරයි.

මත්කුඩු ලෝලියෙක් විසින් මෙම සොරකම කර ඇති බව පොලීසිය සැකකරයි.

මෙම රෝහල හමුදා ආරක්ෂාවක් සහිත ස්ථානයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here