Home අනාවරණ මුහුදෙන් ඕස්ට්‍රේලියාවට පනින්න සිටි පිරිසක් අල්ලයි

මුහුදෙන් ඕස්ට්‍රේලියාවට පනින්න සිටි පිරිසක් අල්ලයි

0
මුහුදෙන් ඕස්ට්‍රේලියාවට පනින්න සිටි පිරිසක් අල්ලයි

මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධිව ඕස්ට්‍රෛිලියාව බලා ගමන් කිරීමට සූදානමින් සිටි පිරිසක් හලාවත ඉරණවිල මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ.

ඉරණවිල පිහිටි නිවසකට ඊයේ සවස පැමිණි කණ්ඩායමක් ගැන ප්‍රදේශවාසියෙකුට ඇතිවුණු සැකයක් මත නාවික හමුදාවට ඒ අය ගැන දැනුම් දී ඇතැයි ආරංචිමාර්ග අනාවරණය කළේය.

ඒ අනුව නාවික හමුදාව විසින් එම නිවස පරීක්ෂාකර මුලින්ම සැකපිට 10 දෙනෙක්ද පසුව තිදෙනෙක්ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සදහා පොලීසියට භාරදී ඇත.

එම සැකකරුවන් වයස අවුරුදු 22 ත් 25 ත් අතර පසුවන්නන් බවත් මුලතිව්, මඩු, යාපනය, මඩකලපුව, කිිලිනොච්චි යන ප්‍රදේශවල ඔවුනන් පදිංචි කරුවන් බවත් නාවික හමුදාව සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here