තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස් පෙළ විභාගය ගැන පණිවුඩයක්

    උසස් පෙළ විභාගය ගැන පණිවුඩයක්

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට දෙවන හා තෙවන වරට පෙනී සිටින සිසුන් ඉකුත් 2022 උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත්නම් ඔවුන් එහි ප්‍රතිඵල ලැබුණු පසු ඔවුන්ට 2023 උසස් පෙළ විභාගයට අයදුම් කිරීමට අවස්ථාවක් ලබාදෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

    ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුන් අගෝස්තු මාසයේ ප්‍රතිඵල ලැබුණු පසුව 2023 උසස් පෙළ විභාගයට අයදුම් කළ හැකි බව ද ඔහු සඳහන් කළේය.

    එසේ නොවන සියලුම සිසුන් මේ මස 28 වැනි දිනට ප්‍රථම උසස් පෙළ විභාගයට අයදුම් කළයුතු බවද ඔවුන්ට වෙනත් අවස්ථාවක් ලබා නොදෙන බවද විභාග කොමසාරිස්වරයා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img