Home උණුසුම් පුවත් රට වටේට මුහුදේ බාගෙට බාගයක්ම මාලු නෑ

රට වටේට මුහුදේ බාගෙට බාගයක්ම මාලු නෑ

රට වටේට මුහුදේ බාගෙට බාගයක්ම මාලු නෑ

ශ්‍රී ලංකාව ආශ්‍රිත නොගැඹුරු මුහුදේ මත්ස්‍ය ගහනය 50% කින් පමණ අඩුවී ඇති බව නාරා ආයතනයේ සමාජ ආර්ථික හා අලෙවිකරණ අංශයේ ප්‍රධානී, කේ. එච්. එල් අමරලාල් මහතා සඳහන් කළේය.

දශක ගණනාවක් තිස්සේ මෙරට ධීවරයින් ප්‍රශස්ත මට්ටමට වඩා වැඩිපුර එම කලාපයේ මසුන් ඇල්ලීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව හෙතම කියා සිටියේය.

මෙරට නොගැඹුරු මුහුද ලෙස සැලකෙන්නේ, වෙරළේ සිට කිලෝමීටර් 24 ක් දක්වා වූ ප්‍රදේශයයි.

ලාංකීය ධීවර යාත්‍රාවලින් 80% ක් පමණ මත්ස්‍ය සම්පත් නෙලා ගන්නේ එම මුහුදු ප්‍රදේශයෙන් බව අමරලාල් මහතා පැවසීය.

කෙසේ වෙතත් කිලෝමීටර් 24 සිට 200 දක්වා මුහුදු ප්‍රදේශවල මෙන්ම ඉන් එපිට අනන්‍ය ආර්ථික කලාපයේත් ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශවලත් හිඟයකින් තොරව මත්ස්‍ය සම්පත් ඇති බව හෙතම පෙන්වාදුන්නේය.

එම ප්‍රදේශවල ධීවර කටයුතු පුළුල් කිරීමෙන් මස්ත්‍ය සම්පත් බහුලව නෙලා ගැනීමට හැකියාව පවතින බවත් ඒ සඳහා වැඩි වශයෙන් ධීවරයින් යොමු විය යුතු බවත් අමරලාල් මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here