fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බීමත් රියදුරු යකා නටද්දී පොලීසියේ ‍පොතක් හොරු උස්සලා

    බීමත් රියදුරු යකා නටද්දී පොලීසියේ ‍පොතක් හොරු උස්සලා

    spot_img

    බීමත් රියදුරෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඇතිවුණු නොසන්සුන් තත්ත්වයක් හමුවේ දෙහිඅත්තකණ්ඩිය පොලිස් රථවාහන අංශය සතුව තිබුණු තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කරන පොතක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

    දෙහිඅත්තකණ්ඩිය පොලීසියේ රථවාහන අංශයට නිලධාරීන් දෙදෙනෙක් පසුගිය 17 වෙනිදා රාත්‍රී කාලයේ දෙහිඅත්තකණ්ඩිය මැදගම නගරයේ රථවාහන රාජකාරියේ නිරතව සිටියදී කුඩා ලොරි රථයක් නතරකර ඇත. රියදුරු බීමත්ව සිටි බැවින් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඔහු කලහාකාරී ලෙස හැසිරී තිබෙන බව පොලීසිය කියයි.

    මෙම අවස්ථාවේදී නගර වැසියන්ද එම ස්ථානයට රැස්වී ඇති අතර ඔවුන් පොලීසියට නීතිය ක්‍රියාත්මක කිරීමට සහය දී ඇත. අනතුරුව පරීක්ෂා කර බැලීමේදී පොලිස් නිලධාරීන් පැමිණි යතුරු පැදියේ තබා තිබුණු තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත්කරන පොත අස්ථානගතව තිබී ඇත. පොලීසිය පවසන්නේ කලබලය අස්සේ කිසියම් අයෙක් විසින් මෙම පොත සොරාගෙන ගොස් ඇති බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img