තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශ්‍රාම යෝජනාවෙන් මොකද වුණේ? -ශ්‍රීලන්කන් පැහැදිලි කරයි

    විශ්‍රාම යෝජනාවෙන් මොකද වුණේ? -ශ්‍රීලන්කන් පැහැදිලි කරයි

    විවිධ මාධ්‍ය ඔස්සේ මේ දිනවල ප්‍රචාරය වන “ශ්‍රීලංකන් ගුවන් සමාගම මෑතකදී හඳුන්වා දුන් විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයක් හේතුවෙන් එම සමාගමේ අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වී සිටි සේවකයන් පිරිසක් සමාගමෙන් ඉවත් වී ඇති බවට” පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය සහ පදනම් විරහිත බව එම සමාගම නිවේදනය කරයි.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවකයින්ද, රටේ වෙනත් සමාගම් හා ආයතන මෙන්, ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුද නිසා විදේශවල සේවය සඳහා යොමුවීමේ ප්‍රවනතාවයක් පවතී.

    නමුත්, එය කිසිසේත්ම මාධ්‍ය මගින් ප්‍රචාරය වන ආකාරයේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමේ ක්‍රමයකට සම්බන්ධයක් නොමැති බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම පෙන්වා දෙයි.

    එමෙන්ම පසුගිය වසර දෙක තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය කිසිදු අවස්ථාවක ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයක් සේවකයින් සඳහා හඳුන්වා දී නොමැත.

    සාමූහික හැඟීමෙන් සහ කැපවීමෙන් රාජකාරි ඉටුකරන කාර්යමණ්ඩලයක් තමන් සතු වන බව ශ්‍රීලංකන් ගුවන් සමාගම කියයි.

    සමාගමේ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම සඳහා ඔවුන් විවිධ කැපකිරිම් සිදුකර ඇති අතර, ඔවුන්ගෙන් නිරන්තරයෙන් ලැබෙන දායකත්වය අතිමහත් බව සමාගම පෙන්වා දෙයි.

    එමෙන්ම පිරිවැටුම වැඩිකර ගනිමින් දක්ෂ සේවක සේවිකාවන් සමාගම තුළම රඳවා ගැනීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සමාගම පසුගිය කාලය තුළ පියවර රැසක් ගෙන ඇත.

    තවද කෙටිකාලීනව ඇතිවන මානව සම්පත් හිඟයන් හේතුවෙන් සමාගමේ කටයුතුවලට ඇති වන බලපෑම් අවම කිරීම සඳහා කාර්යමණ්ඩලයට අවශ්‍ය පුහුණුව සහ සහයෝගය නොපමාව ලබාදීමටද සමාගම කටයුතු කර තිබේ.

    මීට අමතරව, ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකා රජය සමග එක්ව කටයුතු කරමින් සිටින බව ශ්‍රීලංකන් ගුවන් සමාගම කියයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img