තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටම වැටුණත් බැංකුවල තියෙන ට්‍රිලියන 15 රකින්න පනතක් එයි

    රටම වැටුණත් බැංකුවල තියෙන ට්‍රිලියන 15 රකින්න පනතක් එයි

    රටේ ආර්ථිකය කඩාවැටුණත්, බැංකුවක් බංකොළොත් වුවත් නව බැංකු (විශේෂ විධිවිධාන) පනත මඟින් තැන්පතුකරුවන්ගේ තැන්පතුවල ආරක්ෂාව සහතික කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව බැංකු නීතිවල වැදගත්කම පැහැදිලි කරමිනි.

    “බැංකු විශේෂ විධිවිධාන පනත සමස්ත රටේම ආර්ථික ස්ථායීකරණයට ඉතාම වැදගත්. මේකෙ ප්‍රධාන වශයෙන්ම තියෙන්නෙ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව ගැන. වෙනදාට වඩා ශක්තිමත් නීතිමය රාමුවක් හදලා දෙන එක. අපේ රටේ බැංකු තැන්පතුකරුවන් ඉන්නවා පන්කෝටි හැත්තෑදෙලක්ෂයක්. ඒ කියන්නේ සමහර අයගේ ගිණුම් දෙකක් තුනක් තිබිලා තමයි මේ පන්කෝටි හැත්තෑදෙලක්ෂය හැදෙන්නේ. මේ පන්කෝටි හැත්තෑ දෙලක්ෂයේ මුදල් තියෙනවා ට්‍රිලියන 15ක්. ඒ කියන්නේ බිලියනවලින් බැලුවොත් බිලියන පහළොස්දහසක්. මෙන්න මේ බිලියන 15000 ආරක්ෂා කරගන්න ඕන.

    පහුගිය දිනවල මෙන්න මේ තැන්පතුවල ආරක්ෂාව ගැනනේ මහත් ආන්දෝලනයක් හදන්න හැදුවේ. අපි දැක්කා පහුගිය දිනවල බොහෝ මූල්‍ය ආයතන අසීරුවට පත්වුණාම තැන්පතුකරුවන් මුහුණ දෙන තත්වයන්. මේ අලුත් බැංකු පිළිබඳ පනතින් සිද්ධවෙන්නේ කිසියම් මූල්‍ය ආයතනයක ස්ථායිතාවය යම්කිසි ආකාරයකට අඩු වෙනවා නම් එදාට වඩා සෘජුව වහාම මහ බැංකුවට මැදිහත් වෙන්න පුළුවන්. තැන්පතු කරුවන්ට සිය තැන්පතු වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව හරහා රක්ෂණාවරණයක් හදන්න මෙමගින් අවකාශය ලැබෙනවා. ඒ වගේම මහ බැංකුවට වෙනදාට වඩා වාණිජ බැංකු ගැන සොයා බලන්න පුළුවන් වෙනවා. ක්ෂණිකව පියවර ගන්න බැංකුවල ආරක්ෂාව මැදිහත් වෙන්න මහබැංකුවට හැකියාව ලැබෙනවා. ඒ වගේම මේ රක්ෂණ ක්‍රමයට ලෝක බැංකුවේ පවා ආධාර ලැබෙනවා. අපි හිතමු බැංකුවක් කඩා වැටුනොත් අර මහබැංකුවේ රක්ෂාවරණය හරහා තැන්පතු කරුවන්ට තමන්ගේ සම්පූර්ණ තැන්පතුව, පොලිය ආදී සියලුම අයිතිවාසිකම්,නිශ්චිත විදිහටම ලැබෙනවා. රට මොන ආර්ථික ප්‍රශ්ණයට මුහුණපෑවත්, බැංකුව කඩාවැටුණත් තැන්පතුකරුවන් 100%ක්ම ආරක්ෂා වෙන පරිදි තමයි බැංකු විශේෂ විධිවිධාන පනත සකස් කරලා තියෙන්නෙ.” යැයිද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img