තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැට් refund නතර කිරීමෙන් ඇඟලුම් අපනයනයේදී අර්බුදයක්

    වැට් refund නතර කිරීමෙන් ඇඟලුම් අපනයනයේදී අර්බුදයක්

    ඇඟලුම් අපනයනය කිරීමේදී කලින් අය කළ වැට් බදු නැවත ගෙවීම රජය මගින් අතර නතර කිරීම නිසා ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයේ අර්බුද ගණනාවක් හටගෙන ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංසද සම්මේලනය සඳහන් කරයි.

    රෙදි, නූල් ඇතුළු අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී මෙතෙක් වැට් බදු අය කළ අතර ඒවා නිමි ඇඳුම් බවට පත්කර අපනයනය කිරීමේදී කලින් අය කළ වැට් බදු නැවත ගෙවීමට (refund) රජය කටයුතු කළ බවද ඒකාබද්ධ ඇගලුම් සංසද සම්මේලනය කියයි.

    එහෙත් අපනයනයේදී වැට් බදු නැවත ගෙවීම හදිසියේම නතර කිරීම නිසා අපනයන ක්ෂේත්‍රයෙහි පසුබෑමක් ඇතිවන බවද එම තත්ත්වය ව්‍යාපාරවලට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන බව ද ඇඟලුම් සම්මේලනය සදහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img