Home COVID අද වන තෙක් කොවිඩ් එන්නත් දුන්නේ මෙහෙමයි

අද වන තෙක් කොවිඩ් එන්නත් දුන්නේ මෙහෙමයි

අද වන තෙක් කොවිඩ් එන්නත් දුන්නේ මෙහෙමයි

මෙරට තුළ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන අතර එන්නත් දීම ආරම්භ කළ දින සිට අද පෙරවරුව දක්වා 233,992 දෙනෙකුට සම්පූර්ණයෙන්ම එන්නත් ලබාදී අවසන් බව ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

කොවිඩ් එන්නත් පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව 1090521 කි.

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත ජනතාව වෙත ලබා දීම ආරම්භ කිරීමත් සමඟ මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් වී තිබේ.

මුල් අදියරේදී සිනොෆාම් එන්නත මාත්‍රා ලක්ෂ 6ක මෙරටට පරිත්‍යාග ලෙස ලැබී තිබුණි. ස්පුට්නික් වී එන්නත ද පළමු තොගයේදී මාත්‍රා 15000ක් ලැබුණි. කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් ඇනවුම් කර තිබූ අතර ජනවාරි මාසයේදී මාත්‍රා 5 ක් ලැබුණි. පෙබරවාරි මාසයේදී තවත් තොගයක් ලැබිණ.

ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925,242 දෙනෙකුට ලබා දී තිබේ. එහි දෙවන මාත්‍රාව ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව 231,557 කි.

සිනොෆාම් එන්නත් පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව 150,606 කි. පුද්ගලයන් 2345 දෙනෙකුට එහිදි දෙවන මාත්‍රාව ද ලබා දී අවසන් අතර ඒ මෙරට සිටින චීන ජාතිකයන් ටය.

තවත් පුද්ගලයන් 14,673 කට ස්පුට්නික් වී එන්න ගියේ පළමු මාත්‍රාව ලබා දී තිබේ.

බස්නාහිර පළාත තුළ එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක වේ.

මෙරට තුළ කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ වූ දා සිට අද පෙරවරුව වනතෙක් මෙරට ලබාදුන් ආකාරය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here