තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තේ කොළ ලෙස අපනයනය කරන්න හැදූ බිලියනයක දුම්වැටි රේගු අත්අඩංගුවට

    තේ කොළ ලෙස අපනයනය කරන්න හැදූ බිලියනයක දුම්වැටි රේගු අත්අඩංගුවට

    ‘සිලෝන් බ්ලැක් ටී’ ලෙස සඳහන් කරමින් ප්‍රති අපනයනයට සූදානම් කර තිබූ රුපියල් කෝටි 900 කට අධික මිලකින් යුත් විදේශ දුම්වැටි අඩංගු බහාලුම් 21 ක් අද (13) අත්අඩංගුවට ගෙන තිබේ.

    රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසුවේ එහි දුම්වැටි කෝටි 20 ක් පමණ තිබූ බවයි.

    ශ්‍රී ලංකා රේගු අනුගත වීමේ සහ පහසුකම් සැලසීමේ අංශය මගින් මේවා අත්අඩංගුවට ගෙන ඇත.

    ප්‍රතිඅපනයනය කිරීමට යැයි පවසමින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් මෙම දුම්වැටි තොගය ආනයනය කර තිබී ඇත.

    ඉන් බහලුම් තුනක් ඊයේ පරීක්‍ෂා කිරීමේදී දුම්වැටි තොගය සොයාගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    සාවද්‍ය නැව්බාර පත්‍රයක් සකස් කර නෙදර්ලන්තය, ජර්මනිය සහ එක්සත් රාජධානිය ආදි රටවල්වලට මෙම දුම්වැටි තොගය ප්‍රතිඅපනයනය කිරීමට සූදානම් කර තිබූණි.

    එහි අපනයනකරු ලෙස ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ තේ අපනයන සමාගමක් නම් කර තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    අදාල ජාවාරම්කරු මේ වන විටත් මෙවැනිම බහලුම් 12 ක් බෙල්ජියම, නෙදර්ලනත්ය, ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ බංග්ලාදේශය යන රටවල්වල යවා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    මෙම ජාත්‍යන්තර දුම්වැටි ජාවාරම පිළිබඳව ඉදිරි පරීක්‍ෂණ ක්‍රියාත්මක ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img