Home උණුසුම් පුවත් රට බංකොළොත් වූ හේතු හොයන කමිටුවෙන් විජිත අස්වෙයි

රට බංකොළොත් වූ හේතු හොයන කමිටුවෙන් විජිත අස්වෙයි

රට බංකොළොත් වූ හේතු හොයන කමිටුවෙන් විජිත අස්වෙයි

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තු කමිටුවකින් ඉල්ලා අස්වී තිබේ.

ඒ, මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කිරීම හා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙනි.

කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ රටේ මූල්‍ය බංකොලොත්භාවය ඇතිවීමට හේතුකාරක වූ බහුතරයක් පිරිසගෙන් සමන්විත කමිටුවක් මගින් ඊට අදාළ සැබෑ හේතු පරීක්ෂාවට ලක් කිරීමක් හෝ ඊට අදාළ යෝජනා නිර්දේශ ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවයි.

මෙම තත්ත්වය තුළ එවැනි කමිටුවක් නියෝජනය කිරීම අර්ථ විරහිත වන බැවින් එම විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව ඔහු සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here