Home උණුසුම් පුවත් ලංගම ආසන වෙන්කරගන්න ලේසි ක්‍රමයක්

ලංගම ආසන වෙන්කරගන්න ලේසි ක්‍රමයක්

ලංගම ආසන වෙන්කරගන්න ලේසි ක්‍රමයක්

ඕනෑම පුද්ගලයෙකුට 1315.lk ජංගම දුරකථන යෙදුම ඔස්සේ ලංගම බස් සේවා ආසන වෙන්කරවා ගතහැකි බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ලංගම දුරගමන් සේවාව කාලසටහන අන්තර්ජාලයට එක්කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදු කෙරුණු අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව වේලාව වෙන්කර ගැනීමට අවශ්‍ය බස් රථයේ ආරම්භක ස්ථානය හා ගමනාන්තය අදාළ යෙදුම ඔස්සේ බාගත කර ආසන වෙන්කරවා ගත හැකි අතර ගමන් වාරය අතරමගදී ද එම බස්රථයේ සේවාව ලබාගත හැකිය.

මෙම සේවාව ලබා ගැනීම සඳහා ජංගම දුරකථන හා පරිගණක ඔස්සේ මෙම යෙදුම (App) බාගත කරගත හැකි අතර තම නිවසේ සිටම ලංගම ආසන වෙන් කරව ගැනීමට අවස්ථාව ලැබේ.

ඉදිරියේදී සියලුම දුර ගමන්වාර ඩිජිටල්කරණයට ලක් කෙරෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here