තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පතොරම් අරන් One Galle Face ආ පුහුණු කෝකියා අත්අඩංගුවට

    පතොරම් අරන් One Galle Face ආ පුහුණු කෝකියා අත්අඩංගුවට

    One Galle Face සාප්පු සංකීර්ණයේ ඇති අවන්හලක අරක්කැමි පාඨමාලාව හැදෑරීම සඳහා පැමිණි තරුණයෙකුගේ ගමන් මල්ලක තිබී පතොරම් දෙකක් හමුවී ඇත.

    මෙම තරුණයා ඊයේ පාඨමාලාව හැදෑරීම සඳහා සවස One Galle Face සාප්පු සංකීර්ණයට ඇතුළු වීමට ආ අවස්ථාවේදී ඔහුගේ ගමන් මල්ල One Galle Face ස්කෑන් යන්ත්‍රයට ඇතුළුකර පරීක්ෂා කිරීමේදී මෙම පතොරම් දෙක හමුවී ඇත.

    එම් 16 වර්ගයේ ජීව පතොරමක් සහ හදුනානොගත් තවත් හිස් පතොරමක් එහි තිබී හමුවී තිබේ. ඒ අනුව One Galle Face ආරක්ෂකයින් විසින් කොටුව පොලීසියටභාරදීමට පියවර ගෙන ඇත.

    මෙම සිසුවා නිකවැරටිය මාගල්ලේගම පදිංචි 23 හැවිරිදි යෙකු බව කොටුව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img