Home දේශීය පුවත් දුම්රිය පොලේදී නින්ද ගිය අතරේ එස්.අයි.ව කොල්ලකාලා

දුම්රිය පොලේදී නින්ද ගිය අතරේ එස්.අයි.ව කොල්ලකාලා

දුම්රිය පොලේදී නින්ද ගිය අතරේ එස්.අයි.ව කොල්ලකාලා

දුම්රියක් පැමිණෙන තුරු රත්මලාන දුම්රියපොලේ රැදී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකුට දුම්රිය වේදිකවේ අසුනක නින්ද ගොස් සිටියදී ඔහුගේ ගමන් මල්ල සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය සඳහන් කරයි.

පරීක්ෂණ හා සංවර්ධන කොට්ඨාශයට අනුයුක්තව සේවයේ නිරත 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගමන් මල්ලක් මෙසේ සොරාගෙන ගොස් ඇත්තේ පසුගිය 06 වෙනිදා රාත්‍රී කාලයේදීය.

පයාගල ඇලබඩඕවිට පදිංචිකරුවෙක් වන මෙම උප පොලිස් පරීක්ෂකවරයා දුම්රියක් පැමිණෙන තුරු දුම්රියවේදිකාවේ අසුනක රැදී සිටියදී රාත්‍රී 7.50ට පමණ නින්ද ගොස් තිබේ. දුම්රිය පැමිණෙන හඩින් රාත්‍රී 8.10ට පමණ අවදිවී ඇති ඔහු දුම්රියට ගොඩවීමට සූදානම්වන විට සිය ගමන් මල්ල අතුරුදන්ව ඇති බව පෙනී ගොස් ඇත. ඒ ගැන සොයා බැලීමේදී නිලධාරියාට පෙනී ගොස් ඇත්තේ ඔහුගේ ගෙලබැදි පවුම් හයක රන් මාලයත් අතේ ඇගිල්ලක පැළද සිටි පවුම් එකහාමාරක රන් මුදුවත් ගලවාගෙන ගොස් ඇති බවය.

ගමන් බෑගයේ ජංගම දුරකථනයත්, රුපියල් 2,000ක් අඩංගු මුදල් පසුම්බියද තිබී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here