තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දරුවන් එක්කම මැරෙන්න ගිය නඩු 7ක වරෙන්තුකරු කොටු

    දරුවන් එක්කම මැරෙන්න ගිය නඩු 7ක වරෙන්තුකරු කොටු

    කොලොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිට මං සන්ධියේ සිය ගැහැණු දරුවන් දෙදෙනා සමඟ පෙට්‍රල් පිරවූ බෝතල් දෙකක් සහ ලයිටරයක අතැතිව රැදී සිටිමින් දරුවන්ද සමඟ සිය දිවි හානිකර ගැනීමට සූදානම් වූ පුද්ගලයෙකුව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අද සවස අත්අඩංගුවට ගත්තේය.

    කොළඹ අපරාධ කොට්ඨාශය පේන දුරින් පිහිටි ස්ථානයක රැදී සිටිමින් පාසල් නිල ඇදුමින් සිටි දරුවන් දෙදෙනාද සමඟ සියදිවි හානිකර ගැනීමට තැත්කරමින් සිටි පුද්ගලයා ගැන තොරතුරු ලද වහාම ක්‍රියාත්මක වූ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් එහි ගොස් උපක්‍රම ශීලීව ඔහුව සිය ග්‍රහණයට ගැනීමට පියවර ගෙන තිබේ.

    අවුරුදු 10 සහ 07 යන වයස්වල පසුවන දියණිවරු දෙදෙනාව සිය උකුලමත තබාගෙන පවසමින් සිට ඇත්තේ තමාට අසාධාරණයක් සිදුවූ බවත් ඊට සහනයක් ලබාදෙන ලෙසත් පවසමිනි. සහනයක් නොදෙන්නේ නම් සියදිවි හානිකර ගන්නා බවට ඔහු පවසමින් එතැනට පැමිණි පොලිස් නිලධාරීන්ට තර්ජනය කර ඇත්තේ මාර්ගයේ වාහන ගමනාගමනයට පවා බාධාවන ලෙස රැදී සිටිමිනි.

    මෙහිදී උපක්‍රම ශීලීව ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයාව සිය ග්‍රහණයට ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත. ඒ සියදිවි හානිකර ගැනීමට තැත්කිරීම හා ළමයින් කෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය.

    මෙහිදී ඔහු සමඟ සිටි දරුවන් දෙදෙනාවද පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසිය සඳහන්කරනු ලැබුවේ මෙම පුද්ගලයා මීතොටමුල්ලේ පදිංචි 36 හැවිරිදි අයෙක් බවය.

    මෙම පුද්ගලයාට එරෙහිව අධිකරණයේ පවතින නඩු 07ක් සඳහා වරෛන්තු නිකුත්තර ඇති බව පොලීසිය කියයි. එම වරෙන්තුවලට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පිරිසක් නිවසට ගිය අවස්ථාවේදී නිවසින් පළාගොස් මෙසේ දරුවන් දෙදෙනා සමඟ මහ මඟ රැදෙමින් සිය දිවි හානිකර ගැනීමට තැත්කර ඇති බව පොලීසිය කියයි.

    ගෙවල් බිඳුම් 02ක්, බෝම්බයක් සන්තකයේ තබා ගැනීමක්, මත්ද්‍රව්‍ය නඩු 06ක් මෙම පුද්ගලයාට එරෙහිව අධිකරණයේ විභාග වෙමින් ඇති බව පොලීසිය කියයි.

    මෙම පුද්ගලයාව අද සවස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img