ජපානයේ අනුග්‍රහයෙන් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට රජය තීරණය කරයි.
කොළඹ පිහිටි ජපාන රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය සමඟ ඒ පිළිබඳ සාකච්ඡා නැවත සක්‍රීය කරමින් අදාළ ගිවිසුමට එළඹීම සඳහා උචිත කාලරාමුවක් සකස් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී ඇත.
කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජනා කර තිබුණේ කොළඹ කොටුව – මාලබේ දක්වායි.
ඉඩම් පවරා ගැනීමෙන් පසුව මෙම ව්‍යාපෘතිය 2020 දී ආරම්භ කර 2024 මැද භාගය වනවිට වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණි.
මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීම සිදුකරන්නේ ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වන ජයිකා (JICA) ආයතනයයි.
ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1,850 ක ණය මුදලක් ලබාදීමට ජපාන රජය මීට පෙර එකඟතාව පළකර තිබුණි.
නමුත් ඉකුත් සමයේදී රට මුහුණ දුන් ආර්ථික හා සමාජීය අර්බුද හමුවේ මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කෙරිණි.
කිලෝමීටර 16 ක දිගින් හා නැවතුම්පොළ 16 කින් සමන්විත වන සේ ඉදිකිරීමට නියමිතව තිබූණි.
මෙම දුම්රිය සේවාව හරහා මාලබේ සිට කොළඹ කොටුව දක්වා මිනිත්තු 30 කින් ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
කාර්ය බහුල වේලාවලදී සෑම මිනිත්තු 4 කට වරක් ද, සාමාන්‍ය වේලාවලදී මිනිත්තු 10 කට වරක් ද නැවතුම්පොළකට දුම්රියක් පැමිණෙන ආකාරයට මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබුණි.