Home උණුසුම් පුවත් SI අමාරුවේ දාන්න පැමිණිලි පොත ඉස්සූ සාජන් සහ කොස්තාපල්වරියට වූ දේ..

SI අමාරුවේ දාන්න පැමිණිලි පොත ඉස්සූ සාජන් සහ කොස්තාපල්වරියට වූ දේ..

0
SI අමාරුවේ දාන්න පැමිණිලි පොත ඉස්සූ සාජන් සහ කොස්තාපල්වරියට වූ දේ..

ආගරපතන පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයට ලැබෙන පැමිණිලි සටහන්කරගන්නා පොත සොරාගත් සැරයන්වරයෙක් සහ එම පොතේ පිටු ගලවා පුළුස්සා දැමූ කාන්තා කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කිරීමට නුවරඑළිය සහකාර පොලිස් අධිකාරීවරයා විසින් පියවර ගෙන තිබේ.

මෙසේ පැමිණිලි සටහන් පොත සොරාගෙන විනාශකර ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙක් අපහසුතාවයට පත්කිරීමේ අරමුණ ඇතිව බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

සැරයන්වරයා විසින් පොත සොරාගෙන කොස්තාපල්වරියට ලබාදී එය පුළුස්සා දමන ලෙස පවසා ඇති බවත් ඇයද එම පොතේ පිටු ගලවා ගිනි තබා විනාශකර ඇති බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

මෙම පොතේ පසුගිය පෙබරවාරි 17 වෙනිදා සිට අප්‍රේල් 27 දක්වා පොලීසියට ලද විවිධ පැමිණිලි සටහන්කර තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here