Home උණුසුම් පුවත් අලුත් මැකොස හෙට වැඩ අරඹයි

අලුත් මැකොස හෙට වැඩ අරඹයි

අලුත් මැකොස හෙට වැඩ අරඹයි

නව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයින් දෙදෙනෙකු රාජගිරියේ පිහිටි එම කොමිෂන් සභා කාර්යාලයේ දී රාජකාරි භාර ගැනීමට නියමිතය.

හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයෙකු වන ආර්.එම්.එල්.රත්නායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත්ව සිටින අතර, තවත් සාමාජිකයින් දෙදෙනෙකු ඔහු සමඟ හෙට රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.

හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.ඒ.පී.සී. පෙරේරා මහතා, නීතිඥ අමීර් ෆායිස් මහත්වරු හෙට රාජකාරි ආරම්භ කරති.

මැතිවරණ කොමිෂන් සභාවට පත්ව සිටින අනිත් සාමාජිකයින් දෙදෙනා ගැටලුවක් හේතුවෙන් හෙට මැතිවරණ කොමිසමට නොපැමිණෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here