fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රතිභාපුර්ණ නාට්‍යවේදීන්ට දෙන්න යන දේ..

    ප්‍රතිභාපුර්ණ නාට්‍යවේදීන්ට දෙන්න යන දේ..

    ශ්‍රී ලංකීය නාට්‍ය කලාව පෝෂණය කළ ප්‍රතිභාපුර්ණ නාට්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් මුළු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරු පදවි පිරිනැමීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති විජයදාස රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

    ඒ අනුව ටවර්හෝල් නාට්‍ය ශිල්පීන්, නාට්‍ය අධ්‍යක්ෂවරුන්, නාට්‍ය රංගවේදීන් ඇතුළු ප්‍රාසාංගික කලාවන් නියෝජනය කරමින් සාම විනිසුරු අයදුම්පත් 100 ක් පිරිනැමීම ලබන ජුලි 12 අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී සිදු කෙරේ.

    මේ පිළිබදව වැඩි විස්තර 0777180976, 0112452190 යන දුරකථන අංකවලට අමතා ලබා ගත හැකිය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.