තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශීය ආදායම් - විසර්ජන පනත්වල වෙනසක්

    දේශීය ආදායම් – විසර්ජන පනත්වල වෙනසක්

    දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට සමගාමීව, දැනට පවතින දේශීය ආදායම් බදු පනත සහ විසර්ජන පනත සංශෝධනය කිරීමට රජය සූදානම් වෙයි.

    මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දෙන්නේ ඒ හා සම්බන්ධ සියලුම විශ්‍රාමික අරමුදල්වලට ආරාධනය කොට ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ය.

    “මේකත් එක්ක සම්බන්ධ වෙන සියලුම විශ්‍රාමික අරමුදල්වලට මේ සඳහා සම්බන්ධ වෙන්න ආරාධනාවක් කරන්න. එහිදී අදහස් හුවමාරු කරගන්න, ඔවුන්ගේ දත්ත බෙදාගැනීම තමා විශේෂයෙන්ම කෙරෙන්නේ. ඒ අතරවාරයෙන් පසුව ඔවුන්ට අවස්ථාව සලසා දෙනවා මේ පිළිබඳ අවශ්‍ය තීරණය ගන්න.

    මේකට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා දේශීය ආදායම් පනත සංශෝධනය කරන්න වෙනවා. ඒ වගේම අපේ විසර්ජන පනත සංශෝධනය කරන්න වෙනවා මේ වැඩවලට සමගාමීව. ඉන් අනතුරුව ඔවුන්ගේ තීරණය දැනුම්දුන්නාට පස්සේ අපිට පුළුවන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න.” යැයිද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img