Home උණුසුම් පුවත් රජයේ නිල ෆේස්බුක් පිටුවක් හැක් කරලා

රජයේ නිල ෆේස්බුක් පිටුවක් හැක් කරලා

රජයේ නිල ෆේස්බුක් පිටුවක් හැක් කරලා

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුව (Department of Government Information) අද (30) දහවල් සිට හැකර්වරුන්ගේ ග්‍රහණයට පත්ව තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ ඊට අදාළ තාක්ෂණික හා නීතිමය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් රජයේ නිල තොරතුරු හා ප්‍රවෘත්ති මෙම නිල ෆේස් බුක් පිටුවේ යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන පරිශීලකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව එම දෙපාර්තමේන්තුව කණගාටුව පළකර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here