Home උණුසුම් පුවත් කොමිෂන් දෙකකට සාමාජිකයන් පත්වෙයි

කොමිෂන් දෙකකට සාමාජිකයන් පත්වෙයි

කොමිෂන් දෙකකට සාමාජිකයන් පත්වෙයි

මැතිවරණ හා මානව හිමිකම් කොමිෂන් සභා සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව සමාජිකයන් පත්කර ඇත.

ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයකු වන ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පත් කර තිබෙන අතර, එම්.ඒ.පත්මසිරි චන්ද්‍රවංශ පෙරේරා සහ අමීර් මොහොමඩ් ෆායිස් යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

මේ අතර මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා පත් කර ඇති අතර එහි සෙසු සමාජිකයන් ලෙස නිමලසේන ගාර්දිය පුංදිහේවා, තයියමුත්තු තනරාජ්, මහාචාර්ය ෆාතිමා ෆර්සානා හනීෆා, සහ ආචාර්ය ගෙහාන් දිනුක් ගුණතිලක යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.

අදාල ක්ෂේත්‍රවල අත්දැකීම් සහ ප්‍රවීණතාවයන් ඇති පුද්ගලයින් මේ සඳහා පත්කරනු ලැබ ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here