Home උණුසුම් පුවත් කතකගේ මාලය කොල්ලකෑ හමුදා සෙබලෙකු පාසල් සිසුන් පිරිසක් නිසා කොටුවූ හැටි

කතකගේ මාලය කොල්ලකෑ හමුදා සෙබලෙකු පාසල් සිසුන් පිරිසක් නිසා කොටුවූ හැටි

0
කතකගේ මාලය කොල්ලකෑ හමුදා සෙබලෙකු පාසල් සිසුන් පිරිසක් නිසා කොටුවූ හැටි
closeup rear view of a man with his hands tied behind his back with rope, against a black background

සිය දියණිය සමග මාර්ගයේ ගමන්කරමින් සිටි කාන්තාවකගේ ගෙලබැදි රන් මාලයක් මතුගම නගරයේදී කොල්ලකෑ පුද්ගලයෙකු පසු පස පාසල් සිසුන් පිරිසක් විසින් හැතැම්මක් දුර පන්නා ගොස් වටකර පොලීසියට අල්ලා දී ඇත.

විවිධ ආයතනවලට ගොස් සාරි අලෙවි කිරීම සිය ජීවන වෘත්තියකරගත් 47 හැවිරිදි එම කාන්තාව සිය 16 හැවිරිදි දියණිය සමඟ ගමන්කරමින් සිටියදී ඇගේ ගෙලබැදි රන් මාලය කොල්ලකා තිබුණේ ඊයේ (27) සවස් කාලයේදීය.

එම අවස්ථාවේදී පාසල නිමවී නිවෙස් බලා යමින් සිටි සිසුන් පිරිසක් කාන්තාවගේ කෑ ගැසීම් හඩට අවධානය යොමුකර පලායමින් සිටි කොල්ලකරු පස්සේ පන්නා ඇති බව පොලීසිය කියයි. හැතැම්මයක් පමණ දුර දිවගොස් ඇති කොල්ලකරු සිසුන්ගෙන් බේරීමට නොහැකිව කැළෑ රොදකට පැන සැගවී ඇති බවත් එහිදී පොලීසිය එම ස්ථානයට පැමිණ සැඟවී සිටි සැකකරුව මාලයද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
කොල්ලකරුගේ අනන්‍යතාවය පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ ඔහු කතරගම හමුදා කදවුරේ සේවයේ නිරතව සිටින මතුගම පදිංචිකරුවෙක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here