තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුරකථන ඇමතුමක සිටි නීතීඥවරයා කොල්ලකෑ කල්ලියක් කොටු

    දුරකථන ඇමතුමක සිටි නීතීඥවරයා කොල්ලකෑ කල්ලියක් කොටු

    මොරටුව කොරලවැල්ලේ මාර්ගයක් අයිනේ සිය මෝටර් රථය නතරකර දුරකථන ඇමතුමක් ගනිමින් සිටි නීතීඥවරයෙකුට පිහියක් පෙන්වා බිය ගන්වා ඔහු සතුව තිබුණු මුදල් හා මිල අධික අත්ඔරලෝසුවක් කොල්ලකා අනතුරුව නීතීඥවරයාව ඒ.ටී.එම්. යන්ත්‍රයක් අසලට රැගෙන ගොස් ඔහු සතු බැංකු කාඩ්පතින් රුපියල් 50,000ක මුදලක් ද බලහත්කාරයෙන් ලබාගත් සිව් දෙනෙක් එගොඩඋයන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මොරටුව එගොඩඋයනේ පදිංචි 33 හැවිරිදි නීතීඥවරයා පසුගිය 21 වෙනිදා රාත්‍රී කාලයේදී දුරකථන ඇමතුමක් ලබාගනිමින් මෝටර් රථය තුළ රැදී සිටියදී මෙම කොල්ලකරුවන් සිව් දෙනා මෝටර් රථයට ගොඩවී නීතීඥවරයාගේ ගෙලට පිහියක් තබා
    රුපියල් එක්ලක්ෂ පනස් දහසක් වටිනා ස්මාට් වර්ගයේ අත්ඔරලෝසුවත්, ඔහු අත ඒ වන විට තිබුණු රුපියල් 3000ක මුදලකුත් කොල්ලකා තිබුණි. අනතුරුව ඔහුව ඒ ආසන්යේ බැංකුවක් වෙත මෝටර් රථයෙන්ම රැගෙන ගොස් බැංකු කාඩ්පතේ තිබුණු රුපියල් 50,000ක මුදලක්ද ලබාගෙන තිබුණි.

    මෙම කොල්ලය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේදී එගොඩඋයන පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට තොරතුරු ලැබී ඇත්තේ යතුරුපැදි සොරකමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට මෑතකදී නිදහස ලැබූ පිරිසක් විසින් මෙම කොල්ලය සිදුකර ඇතිබව අනාවරණයකර ගනිමින් ඔවුන් සිව්දෙනාව ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත. කොල්ලකෑ ස්මාට් අත්ඔරලෝසුවද සොයාගෙන ඇති බව පොලීසිය කියයි. මෙම කොල්ලකරුවන් සිව් දෙනා කොරලවැල්ලේ පදිංචිකරුවන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img