තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනුකම්පාව දිනා ආ තරුණයා ව්‍යාපාරික කතගේ මිලියන ගණනක රට සල්ලිවලට විදලා

    අනුකම්පාව දිනා ආ තරුණයා ව්‍යාපාරික කතගේ මිලියන ගණනක රට සල්ලිවලට විදලා

    රැකියාවක් ඉල්ලාගෙන සිය වෙළදසැලට පැමිණ තරුණයෙකු කෙරෙහි අනුකම්පාව දක්වමින් බම්බලපිටියේ ජංගම දුරකථන අලුත්වැඩියා සහ අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යන 63 හැවිරිදි කතක් ඇගේ ජංගම දුරකථන අලෙවිසැලේ රැකියාවක් ලබාදී ඇත.

    ඒ පසුගිය 23 වෙනිදාය.

    මෙම තරුණයා පෙනී සිට ඇත්තේ ශාන් නමිනි. සිය ජාතික හැදුණුම්පත් අංකය ලෙස ඉදිරිපත්කර ඇත්තේ 199718500600 අංකයයි. තමාගේ දෙමාපියන් කුඩාකල මියගොස් ඇති බවත් අනාත නිවාසයක හැදී වැඩුනු බවත් තරුණයා මෙම 63 හැවිරිදි කතට පවසා ඇත.

    යන එන මං නැතැයි කී නිසාම ඇය විසින් මෙම තරුණයාව වැල්ලවත්ත කොලින්වුඩු පෙදෙසේ පිහිටි සිය නිවසේ නවාතැන් පහසුකම්ද සපයා දී තිබේ.

    එම පුද්ගලයා මෙම කාන්තාවගේ විශ්වාසය දිනා ගනිමින් රැකියාවේ නිරතව ඇත. ඊයේ (27) දින උදෑසන 09.00 ට පමන බම්බලපිටියේ පිහිටි ජංගම දුරකථන අලෙවි සැළ විවෘකිරීමට එහි හිමිකාරිනියගේ දියණිය සමඟ එක්ව කටයුතු කර ඇත්තේද ඔහුය.

    මෙදින මෙම ජංගම දුරකථන අලෙවි ස්ථානයේ හිමිකාරිනිය අවශ්‍යතාවයක් සදහා ගොස් සිට ඇත. දියණිය සමඟ ශාන් නැමැති තරුණයා වෙළදසැල විවෘත කිරීමට පැමිණ ඇත්තේ එබැවිනි.

    මෙදින දහවල් 10.00ට පමණ දියණියද උදෑසන ආහාර ගැනීමට වෙළදසැලෙන් පිටතට ගොස් ඇත්තේ තරුණයාට වෙළදසැල භාරදෙමිනි.

    ඒ අතර මෙහි හිමිකාරිනිය දියණියට දුරකථන ඇමතුමක් ගෙන ඇත්තේ පණිවුඩයක් දැන ගැනීමටය. එහිදී ඇය දුරකථක අලෙවි ස්ථානයෙන් පිටත රැදී සිටින බව දැනගත් ඇය වෙළද සැල තුළ සිටි තරුණයාට ඇමතුමක් ගෙන ඇත. ඊට ඔහුගෙන් ප්‍රතිචාරයක් නොවූ තැන ඒ අසල ඇති වෙළදසැලක හිමිකරුවෙකුට ඇය විසින් ඇමතුමක් දී තිබේ. ජංගම දුරකථන අලෙවි ස්ථානය විවෘතව ඇති බවත් ඒ වන විටත් එහි කිසිවෙක් නොමැති බවත් ඇය දැනගෙන ඇත්තේ එම වෙළද සැල් හිමිකරුගෙනි.

    ඒ අනුව ඇය පෙරවරු 10.30 වන විට වෙළද සැලට පැමිණ ඇති අතර දියණියද ඒත් සමඟම එහි පැමිණ ඇත. වෙළදසැලේ මුදල් තබන ස්ථානය පරීක්සා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ ව්‍යාපාර කටයුතු සඳහා විදෙස්ගත වීමට සූදානම්කරගෙන තිබුණු රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක විදෙස් මුදල් අතුරුදන්ව ඇති බවය. රටවල් 07කට අයත් මුදල් ඒ අතර තිබී ඇති බව ඇය මේ ගැන බම්බලපිටිය පොලීසියට පැමිණිලි කරමින් සදහන්කර ඇත.

    විදෙස් මුදල් වලට අමතරව මෙරට මුදල්ද රුපියල් ලක්ෂ 05ක්ද සොරකම්කර ඇති මුදල් අතර තිබී ඇත. මෙම මුදල් තොගය සොරාගත් තරුණයා ගැන කිසිදු තොරතුරක් සොයාගන්නට ඊයේ වනතුරුත් නොවූ බව පොලීසිය කියයි. මෙම තරුණයාව රැකියාවක් සඳහා බදවාගත් ජංගම දුරකථන අලෙවිසැල් හිමිකාරිනියද ඔහු ගැන කිසිවක් නොදන්නා බවත් නම පවා දන්නේ ශාන් නැමැති කොටස පමණක් බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img