Home උණුසුම් පුවත් චීන ජනපති – නවසීලන්ත අගමැති අතර හමුවක්

චීන ජනපති – නවසීලන්ත අගමැති අතර හමුවක්

චීන ජනපති – නවසීලන්ත අගමැති අතර හමුවක්

ඉදිරි වසර 50 ක් සඳහා චීන-නවසීලන්ත සබඳතා ආරම්භ කිරීමට චීනය සූදානම් බව, ජනාධිපති ෂී ජින් පිං මහතා කියාසිටී.
ඔහු මේ බව පැවසුවේ, චීනයේ නිල සංචාරයක නිරත නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් මහතා අද (27) පස්වරුවේ හමුවූ අවස්ථාවේ දී ය. හමුව බෙයිජිං අගනුවර මහජන මහශාලාවේ දී පැවැත්විණ.

ගෙවීගිය දශකය තුළ, චීන-නවසීලන්ත සබඳතා යහපත් සහ ස්ථාවර අයුරින් අඛණ්ඩව වර්ධනය වී ඇති අතර, එමගින් දෙරට ජනතාවට ඉහළ ප්‍රතිලාභ හිමි වූ බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. චීන-නවසීලන්ත උපායමාර්ගික හවුල්කාරිත්වයේ ස්ථාවර හා දිගුකාලීන සංවර්ධනය උදෙසා එක්ව කටයුතු කරන්නැයි ද චීන ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

නවසීලන්තය සහ චීනය ආර්ථික හා සංස්කෘතික ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගනිමින් සිටී. තමාගේ මෙවර සංචාරය තුළින් එම සහයෝගිතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේ දී පැවසීය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here