තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නව රෝ රෝ අංගනයක් හම්බන්තොට වරායට

    නව රෝ රෝ අංගනයක් හම්බන්තොට වරායට

    හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණෙන රෝරෝ නෞකා බහුල වීමත් සමග ප්‍රතිනැව්ගත වාහන ගාල් කිරීම සඳහා නව රෝරෝ අංගණයක් ඉදි කිරීමට වරාය පියවර ගෙන ඇත.

    දැනට වාහන ඒකක 28,000කට පමණ පහසුකම් සැලසීමේ හැකියාව ඇති රෝරෝ වාහන ප්‍රතිනැව්ගත කිරීමේ අංගනයෙන් ප්‍රධාන නෞකා සමාගම් නවයකට සේවා සපයයි. ඉදිරි මාස කිහිපය තුළ, නැව් සමාගම් කිහිපයක් විසින් විශාල රෝරෝ පරිමාවන් හම්බන්තොට ජාත්‍යන්තර හරහා ප්‍රතිනැව්ගත කිරීමට නියමිතව ඇති බැවින්, නව අංගණය කඩිනමින් නිම කිරීමට අපේක්ෂා කරන බව හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කළමනාකාරිත්වය සඳහන්කරයි.

    වාහන නැවැත්වීමේ ඉඩ ප්‍රමාණය, තවත් පුළුල් කරමින් වර්ග මීටර් 68,000 යුත් රෝ රෝ අංගණයක් ඉදි කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක මුදලක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය විසින් මේ වන විටත් ආයෝජනයක් කර ඇත. ඉදිරි මාස 7 තුළ නිමා වන මෙම පහසුකම, වරාය නැංගුරම් පොළේ සිට මීටර් 55ක දුරකින් ඉදි වේ.

    “අපගේ විශ්වසනීත්වය, ආරක්ෂිත ප්‍රමිතීන්, වේගවත් මෙහෙයුම්, සහ උපායමාර්ගික පිහිටීම යන හේතු නිසා, රෝ රෝ ප්‍රතිනැව්ගත කිරීමේ ආකර්ශනීය ගමනාන්තයක් බවට හම්බන්තොට ජාත්‍යන්තර වරාය පත්වෙමින් තිබෙනවා. ගෝලීය ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් දියුණු වනවාත් සමඟ, අපගේ පරිමාවන් තවදුරටත් ඉහළ නැංවීමට අප බලාපොරොත්තු වෙනවා. එවගේම අපේ ගනුදෙනුකරුවන්ගෙ විශ්වාසය දිනා ගනිමින්, ගෝලීය ප්‍රමිතින්ට අනුව උපායමාර්ගික වැදගත්කමක් ඇති ක්ශේත්‍රවල ආයෝජන අඛණ්ඩව සිදු කිරීම අපගේ අපේක්ෂාවයි,” හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පවසයි.

    2023 මැයි මාසය වන විට රෝ රෝ ඒකක 271,000 අධික ප්‍රමාණයක් වරාය විසින් හසුරුවා ඇති අතර වසර අවසන් වන විට එම සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් අත්පත් කර ගැනීමට හම්බන්තොට වරාය බලධාරීන්ගේ සැළසුමයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img