Home උණුසුම් පුවත් උඩරට මැණිකෙන් වැටී නෙදර්ලන්ත ජාතිකයා රෝහලේ

උඩරට මැණිකෙන් වැටී නෙදර්ලන්ත ජාතිකයා රෝහලේ

0
උඩරට මැණිකෙන් වැටී නෙදර්ලන්ත ජාතිකයා රෝහලේ

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබුණු උඩරට මැණිකේ දුම්රියකින් වැටී තුවාල ලබූ නෙදර්ලන්ත ජාතිකයෙකු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුලත්කර ඇත.

මෙසේ තුවාල ලබා ඇත්තේ MULDERS SERGE නැමැති 49 හැවිරිදි නෙදර්ලන්ත ජාතිකයාය.

මෙම නෙදර්ලන්ත ජාතිකයා ඇතුළු 13 දෙනෙකුගෙන් සමන්විත සංචාරකයන් කණ්ඩායමක් දුම්රියෙන් ගමන්කර ඇත්තේ මෙරට කදුකරයේ සිරි නැරඹීම සඳහාය. ඒ යන අතර තුර පාපුවරුවේ ගමන්කරමින් සිටි මෙම නෙදර්ලන්ත ජාතිකයා දුම්රියෙන් ඇද විටී ඇැත්තේ නානුඔය සහ අඹේවෙල දුම්රිය ස්ථාන දෙක අතර ප්‍රදේශයේදී බව පටිටපොල පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here