Home දේශීය පුවත් උණුසුම් පුවත් අච්චාරු කෑ පාසල් සිසුන් 59ක් රෝහලේ

අච්චාරු කෑ පාසල් සිසුන් 59ක් රෝහලේ

0
අච්චාරු කෑ පාසල් සිසුන් 59ක් රෝහලේ

හඟුරන්කෙත පොරමඩුල්ල විද්‍යාකර විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් 100කට වැඩි පිරිසක් ඊයේ දින ආහාර විෂවීමකින් විවිධ රෝගී තත්ත්වයන්ට පත්ව තිබුුණි.

ශරීරයේ කැසීම් සහ පැල්ලම් මතුවූ සිසුන් 59 දෙනෙක් රිකිල්ලගස්කඩ රෝහලටද ඇතුලත්කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් කළ සොයා බැලීමකදි අනාවරණය වී ඇත්තේ ආහාර අසාත්මිකතාවයක් හේතුවෙන් මෙසේ දරුවන් රෝගී වී ඇති බවය.

මෙම විද්‍යාලයේ ඊයේ දිනයේ සිසුන් විසින් සකස්කල ආහාර පොලක් පවත්වා ඇත. එම ආහාර පොලෙන් අච්චාරු කෑ දරුවන් මෙසේ රෝගී වී ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

රෝහල්ගත කළ සිසුන් අතර සිසුවියන්ද 16 දෙනෙක් සිට ඇත. රොගී වූ සිසුන්ගෙන් 58 දෙනෙක්ම ඊයේ සවස් වන විට ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here