Home උණුසුම් පුවත් රජයේ අධිනීතීඥවරියට අනියම් සැමියා පිහියෙන් අනී

රජයේ අධිනීතීඥවරියට අනියම් සැමියා පිහියෙන් අනී

0
රජයේ අධිනීතීඥවරියට අනියම් සැමියා පිහියෙන් අනී

සිය දෛනික රාජකාරි නිමකොට කොළඹ සිට දුම්රියෙන් පැමිණ පාදුර දුම්රිය ස්ථායෙන් බැස නිවස බලා යමින් සිටි රජයේ අධිනීතීඥවරියකට ඊයේ සවස 7.00ට පමණ පුද්ගලයෙකු විසින් පිහියකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා ඇත.

මෙම පහරදීම සිදුව ඇත්තේ ඇය පදිංචිව සිටින නිවස අසලදී බව පොලීසිය කියයි.

මෙසේ ඇයට පිහියෙන් පහරදී ඇත්තේ කොට්ටාවේ විද්‍යාල හංදියේ පදිංචිකරුවෙකි. එම පුද්ගලයාව ඇයට පහරදුන් පිහියද සමඟ අත්අංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පානදුර දකුණ පොලීසියේ නිලධාාරීන් සඳහන්කරනු ලබන්නේ දෙදෙනා අතර අනියම් සම්බන්ධයක් තිබී ඇති බවය. නීතීඥවරිය එම සම්බන්ධය නතරකිරීම හේතුවෙන් උරණ වී මෙම පිහි ඇනුම සිදුව ඇති බව පෙනී යන්නේ යැයි පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here