මිනුවන්ගොඩ සිදුවූ වෙඩි තැබීම් රැසකට සම්බන්ධ අභිරහස් වෙඩික්කරුවා පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි පහාරයකට ලක්ව ඇඹිලිපිටියේදී මරුමුවටපත්ව ඇත.
මෙසේ මරුමුවටපත්ව ඇත්තේ තිස්සමහාරාමය මෙත්සෙවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන හඳුන්නෙත්ති සමිඳු මෙන්ඩිස් නැමැති 24 හැවිරිදි අයෙකි.
ඇඹිලිපිටිය වැලිකඩයාය 99 හන්දියේ නිවසක මෙම අපරාධකරු සැඟවී සිටින බවට විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද අලුයම එම නිවස විිශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් වටලනු ලැබීය.
එම නිවස මෙම අපරාධකරුගේ සහෝදරයාගේ බිරිඳගේ මහ ගෙදර බව පොලීසිය කියයි. නිවස වටලා පරීක්ෂා කරන විට සැකකරුගේ සහෝදරයාත් බිරිඳත් දරුවාත් කාමරයක නිදාගෙන සිට ඇත. සහෝදරයාගේ බිරිඳ සහ ඇගේ සහෝදරයා නිවසේ සාලයේ බිම නිදාගෙන සිටි බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි. සැකකරු රැදී සිට ඇත්තේ නිවසේ කාමරයකය.එම නිවස මෙම අපරාධකරුගේ සහෝදරයාගේ බිරිඳගේ මහ ගෙදර බව පොලීසිය කියයි. නිවස වටලා පරීක්ෂාකරන විට බිරිඳත් දරුවාත් කාමරයක නිදාගෙන සිට ඇත. සහෝදරයාගේ බිරිඳ සහ ඇගේ සහෝදරයා නිවසේ සාලයේ බිම නිදාගෙන සිටි බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි. සැකකරු රැදී සිට ඇත්තේ නිවසේ කාමරයකය.
විශේෂ කාර්ය බලකාය සඳහන්කරනු ලබන්නේ අලුයම 3.50ට පමණ කාමරයට ඇතුළු වී සැකකරුව අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු විශේෂ කාර්ය බලකායට වෙඩි තැබූ බවය. එහිදී පෙරලා විශේෂ කාර්ය බලකාය විසින් එල්ල කල ප්‍රතිප්‍රහාරයෙන් සැකකරුගේ හිසට වෙඩි වැදී ඔහු මරුමුවටපත්ව ඇත. විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට මෙම අපරාධකරු විසින් වෙඩි තැබීමට යොදාගත් පිස්තෝලයක්ද එම ස්ථානයේ තිබී සොයාගෙන තිබේ.
මෙම අපරාධකරු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තබන විට එම වෙඩිල්ලෙන් බේරීමට පැත්තකට පැන්න විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ. සැරයන් ප්‍රියන්තගේ නැමැති එම නිලධාරියාගේ හිසට තුවාල සිදුව ඇති බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
මිනුවන්ගොඩ බොරලුගොඩ වත්ත මාර්ගයේ පූජ්‍ය සුගතසිරි මාවතට හැරන හන්දිියේචී යතුරුපැදියකින් ගමන්කරමින් සිටි දෙදෙනෙකුට පසුගිය 17 වෙනිදා මෝටර් රථයකින් හඹායමින් වෙඩි තබා තිබුණි. එහිදී තුවාල ලැබුවේ බාප්පා සහ චප්පා යන පාතාලයේ අපරාධකරුවන් දෙදෙනෙකි. ඒ එක් අයෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 22 වෙනිදා මිය ගියේය.
එසේ මියගියේ මිනුවන්ගොඩ හීනටියන පදිංචිකරුවෙකි.
මෙම වෙඩි තැබීම මෙහෙයවන ලද්දේ ඩුබායි හී රැදී සිටින හීනටියන මහේෂ් නැමැති පාතාලයේ අපරාධකරු බව විමර්ශන වලින් අනාවරණය වී තිබුණි. එම වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය පැදවූ මාමා නැමැති අපරාධකරුව ද විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුරේ නිලධාරීන් විසින් කුළියාපිටියේදී මෙයට දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගත්තේය. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාටද වෙඩි තැබූවේ තමා බවත් ඒ මහෙෂ් විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව බවත් ඔහු හෙළිකර තිබුණි. ඒ් හැරුණු කොට මිනුවන්ගොඩ ගමන්ගෙදරදී සරුංගල් ආරවුලක් මත පියෙක් සහ දරුවන් දෙදෙනෙකුව නිදි පැදුරේදීම වෙඩි තැබීමේ සිදුවීමටද මෙම සැකකරු සම්බන්ධ බව හෙළිවී තිබුණි.
මේ අතර බස්නාහිර පළාත් උතුරු දිසා අපරාඡ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ දිනයේදී මිනුවන්ගොඩ වෙඩි තැබීමට අපරාධකරුවන් පැමිණි මෝටර් රරථයකද සොයාගත්තේය. ඒ මීගමුව කිඹුලාපිටියේ පදිංචි සැකරුවෙකුත් සමගිනි.





