මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය එම්. ඒ ආර් මංජුල ප්‍රනාන්දු මහතා අද (23) නිල වශයෙන් වැඩ භාර ගෙන තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වීමෙන් අනතුරුව ඔහුව මෙලෙස පත් කර ඇත.
හිටපු සභාපති ජනක රත්නායක මහතාට විවාදයට ලක්කොට පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයකින් අනතුරුව ඉවත් කෙරිණි.
ලබන ජුලි 01 වැනිදා සිට විදුලි බිල සංශෝධනයට නියමිත අතර ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අවශ්‍ය වේ.
නුදුරේදීම විදුලි බිල අඩු කරන බවට විෂයභාර අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබියදී, නව සභාපතිවරයා පත්කිරීම ප්‍රමාද වන බවට විවිධ පාර්ශවවලින් පසුගිය දිනවල චෝදනා එල්ල විය.
නව සභාපතිවරයා අද පත් වන්නේ එවැනි පසුබිමක දී ය.