ලුණුගම්වෙර ජලාශය සහ ඒ අවට ප්‍රදේශය ඩ්‍රෝන කැමරාවක් මගින් රූගත කිරීමකට ගිය තරුණයින් සිව් දෙනෙකු ලුණුගම්වෙහෙර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනවරයෙන් ඔවුන් ඩ්‍රෝන කැමරාවක් ජලාශයට ඉහළින් ගුවන් ගත කිරීමට එරෙහි වූ ජලාශයේ මුරකරුට පහරදීමක්ද මුල්කරගෙනය.
තිස්සමහාරාමයේ හැලගස්වල සහ මෝලකැපූපතාන ප්‍රදේශවලත් ලුණුගම්වෙහෙර දකුණු ඉවුරේත් වීරවිල දේවත්ත ගම්මානයේත් පදිංචි තරුණයින් සිව් දෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණයින් අවුරුදු 23 සහ 24 වයස්වල පසුවන මිතුරන් බව පොලීසිය කියයි.
ඔවුන් සිව් දෙනා ඊයේ සවස ලුණුගම්වෙහෙර ජලාශයේ වේල්ල මතට පැමිණ ජලාශය ආශ්‍රිත ප්‍රදේශය ඩ්‍රෝන කැමරාව ගුවන්ගතකර වීඩියෝගත කිරීමට සූදානම් වී තිබේ. එහිදී ජලාශයේ මුරකරු එම ස්ථානයට පැමිණ ජලාශය ආශ්‍රිත ප්‍රදේශය රූගත කිරීමට අවසර තිබේදැයි විමසා ඇත. ඒ සදහා අවසරයක් නොමැති වූ බැවින් මුරකරු ඔවුන්ට පවසා ඇත්තේ වීඩියෝගත කිරීම නතරකරන ලෙසය. ඊට අවනත නොවූ ඔවුන් සිව් දෙනා මුරකරු සමඟ ගැටුමක් ඇතිකරගෙන මුරකරුට පහරදී ඇති බව පොලීසිය කියයි.
මෙම තරුණයින්ගෙන් පහරකෑමට ලක්වූ මුරකරු ලුණුගම්වෙහෙර රෝහලට ඇතුලත්ව ඇත. ඒ සම්බන්ධයෙන් පොලීසියට ඔශු පැමිණිල්ලක්ද කර ඇත. ඒ අනුව තරුණයින් සිව් දෙනා ඩ්‍රෝන කැමරාවද සමඟ අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.