Home උණුසුම් පුවත් උද්ධමනය තවත් පහළට

උද්ධමනය තවත් පහළට

උද්ධමනය තවත් පහළට

මෙරට උද්ධමනය මැයි මාසයේදී 22.1% දක්වා පහත වැටී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉකුත් අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය 33.6%ක් ලෙස වාර්තා වී තිබූ අතර ඊට සාපේක්ෂව මැයි මාසයේදී උද්ධමනය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.

අප්‍රේල් මාසයේදි ආහාර කාණ්ඩයේ උද්ධමනය 27.1%ක් ලෙස වාර්තා වූ නමුත් මැයි මාසයේ දී සඳහන් වූයේ 15.8%ක් ලෙස අඩු වී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.

ආහාර නොවන කණ්ඩයේ වාර්ෂික උද්ධමනය අප්‍රේල් මාසයේදී 39%ක් වු අතර මැයි මාසයේදී එය 27.6% දක්වා අඩු වී තිබෙන බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මැයි මාසයේදී මාළු, එළවළු, කුකුළු මස්, පරිප්පු, අර්තාපල්, ලොකු ලූනු, දෙහි කරවල හා ටින් මාලුවල මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබූ අතර සහල්, පලතුරු, කිරිපිටි, තෙල්, මිරිස් කුඩු, පාන්, බිත්තර වැනි ආහාර ද්‍රව්‍යවල මිල පහත වැටී තිබූ බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here