Home උණුසුම් පුවත් සතියේ දින පහේදී ඩෙංගු පරීක්ෂාවට එන තැන් මෙන්න..

සතියේ දින පහේදී ඩෙංගු පරීක්ෂාවට එන තැන් මෙන්න..

සතියේ දින පහේදී ඩෙංගු පරීක්ෂාවට එන තැන් මෙන්න..

සෑම සඳුදා දිනකම බස්නාහිර පළාත තුළ පෞද්ගලික පාසල්, රජයේ පාසල්, පෙර පාසල්, පෞද්ගලික අධ්‍යාපන ආයතන, උසස් අධ්‍යාපන ආයතන (විශ්ව විද්‍යාල,පිරිවෙන්) පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර තිබේ.

ඒ ඩෙංගු පාලනය සඳහා බස්නාහිර පළාත තුළ ආයතන හා පරිශ්‍ර පරීක්ෂා කිරීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයට අනුවයි.

ඒ අනුව අඟහරුවාදා දින කර්මාන්ත ශාලාත්, බදාදා දින ඉදිකිරීම් සිදුවන වැඩ බිම්වලත්, බ්‍රහස්පතින්දා දින අනෙකුත් පෞද්ගලික ආයතනවලත්, සිකුරාදා අනෙකුත් රාජ්‍ය ආයතනවලත්, සෙනසුරාදා සහ ඉරිදා නිවාස හා ගෙවතු ආශ්‍රිතවත්, ඉරිදා ආගමික සිද්ධස්ථානත් පරික්ෂාවට ලක් කෙරෙනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ බස්නාහිර පළාත් අනු කමිටුව පසුගියදා රැස් වූ අවස්ථාවේ දී යෝජනා කෙරුණු පරිදි මෙම තීරණයන්ට එළැඹ තිබේ.

එසේම, කිසියම් ආයතනයකට නියමිත දිනට පරිබාහිර දිනයක් යොදා ගැනීමට සිදුවන අවස්ථාවකදී ඒ පිළිබඳව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමට උපදෙස් දී ඇත.

මෙම පරීක්ෂාවන් අදාළ ආයතන විසින් පත් කර ගන්නා ස්වේච්ඡා කණ්ඩායමක් විසින් සතිපතා නියමිත දිනවලදී සිදු කර එම වාර්තා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත මාසිකව ලබා දිය යුතුය.

දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පාලනය වනතෙක්, ඩෙංගු මදුරු දෂ්ටනය අවම කිරීම සඳහා පෙර පාසල් සහ පාසල් සිසුන් සඳහා දෙමව්පියන්ට අමතර පිරිවැයක් නොයෙදවන පරිදි හැකිතාත් ශරීර ආවරණය වන ඇඳුමක් ඇඳීම සුදුසු බව ද යෝජනා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here