අන් කිසිදු රටකට වඩා වැඩියෙන් කොව්ඩ් එන්නත්කරණය කළ සීෂෙල්ස් රාජ්‍යයේ කොවිඩ් තත්වය උත්සන්න වීමට හේතුව සිනොෆාම් එන්නතේ ඵලදායීතාව පිළිබඳ ගැටලුවක් බවට හුවාදැක්වීම, පක්ෂග්‍රාහී මාධ්‍ය විසින් චීනයට පහරදීම සඳහා කරන ලද ක්‍රියාවක් බව චීනය පවසයි.
තම රාජ්‍යයේ කොවිඩ් තත්වයට සිනොෆාම් එන්නතේ ඵලදායීතව ගැටලුවක් නොවූ බව පවසමින් ඒ පිළිබඳ පළවූ වාර්තා ප්‍රතික්ෂේප කරන සීෂෙල්ස් ජනාධිපතිවරයා උපුටා දක්වමින් චීන තානාපති කාර්‍යාලය මේ බව පැවැසීය.
අමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් ඇතුළු ඇතැම් බටහිර පුවත් සේවාවන් කිහිපයක් එම කරුණු වාර්තා කර තිබුණි.
රටේ වසංගත තත්ත්වය මධ්‍යයේ චීනයේ නිෂ්පාදනය කරන ලද සයිනෝෆාම් COVID-19 එන්නතෙහි ඵලදායීතාවය පිළිබඳ සැක සංකා සීෂෙල්ස් හි ජනාධිපති විසින් මුළුමනින්ම ඊයේ (11) ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම එන්නත ජනතාව කොවිඩ් ආසාදනය වීමෙන් ආරක්ෂා කර ගැනීමට ඵලදායී ලෙස උපකාරී වන බව ජනාධිපති වේවෙල් රාම්කලවාන් මහතා පැවසීය. චීන විශේෂඥයන් පැවසුවේ සීනෝෆාම් එන්නතෙහි ඵලදායීතාවය පිළිබඳව විදේශීය මාධ්‍ය විසින් ප්‍රශ්න කිරීම අත්තනෝමතික එකක් බවයි.
සීෂෙල්ස් හි COVID-19 රෝගීන්ගේ වැඩිවීම විකෘති වික්‍රියා සහ ජනගහනයේ ආරක්ෂිත ප්‍රතිදේහ මට්ටම වැනි විවිධ සාධක හේතු වන බව ද චීනය පෙන්වා දෙයි .
ලක්ෂයකටත් අඩු ජනගහනයක් සහිත ඉන්දියානු සාගරයේ පිහිටා ඇති දූපත් රටක් වන සීෂෙල්ස්, මේ වන විට ලෝකයේ වැඩිම එන්නත් ලබාදී ඇති රටයි.
එහි ජනගහනයෙන් සියයට 69% ක් අවම වශයෙන් එක් කොවිඩ් එන්නත් මාත්‍රාවක් ද ජනගහනයෙන් 61% ක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවත් පුවත් මගින් ප්‍රකාශයට පත් කරන ලදී.
සීනෝෆාම් එන්නත වයස අවුරුදු 18 ත් 60 ත් අතර පුද්ගලයින්ට ලබා දී ඇති අතර ඉන්දියාවේ නිපදවන ඇස්ට්‍රාසෙනෙකා එන්නත වන කෝවිෂීල්ඩ් වයස අවුරුදු 60 ට වැඩි අයට ලබා දුන් බව ජනාධිපති රාම්කලවාන් සඳුදා ප්‍රවෘත්ති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
සීෂෙල්ස් වෙත බලපෑ නව රැල්ලක් සඳුදා වන විට සක්‍රීය වී COVID-19 රෝගීන් 2,486 ක් වාර්තා කර ඇති අතර මුළු සංඛ්‍යාව 8,172 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නව ක්‍රියාකාරී රෝගීන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත් ලබා ඇති අය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. COVID-19 රෝගීන්ගේ වැඩිවීම එන්නත් වල කාර්යක්ෂමතාව පිළිබඳව සැක මතු කිරීමට මෙම තත්ත්වය පදනම් විය.
නව කොවිඩ් රෝගීන් කීදෙනෙකුට සීනෝෆාම් එන්නත් කර ඇත්දැයි නොදන්නා නමුත් සමහර විදේශීය මාධ්‍යවල ප්‍රධාන වශයෙන් ඉලක්ක වී ඇත්තේ චීන එන්නතයි.
වයස අවුරුදු 18 ත් 60 ත් අතර වයස්වල පසුවන්නන්, රෝහල් ගත කිරීම අවශ්‍ය පුද්ගලයින්ගෙන් සියයට 80 ක් එන්නත් ලබා නොදුන් බවට ජනාධිපති රාම්කලවාන් ප්‍රතික්ෂේප කරමින් කීය.
“මිනිසුන්ට ආසාදනය විය හැකි නමුත් ඔවුන් බරපතළ ලෙස අසනීප වී නොමැත. රෝගී වී ඇත්තේද ඉතා සුළු සංඛ්‍යාවක් පමණි. එන්නත අපට උපකාර කළ යුත්තේ මේ ආකාරයට නොවේද? ඉතින්, සිදුවෙමින් පවතින දේ සාමාන්‍ය දෙයක්” යැයි ඔහු සඳහන් කළේය.
කොවිඩ් එන්නත විසින්ජනතාවට ඉතා හොඳින් සේවය කර ඇත. සීෂෙල්ස් හි සම්පූර්ණ එන්නත ලබා දුන් පුද්ගලයින්ගේ මරණ වාර්තා වී නොමැත. එමගින් එන්නතෙහි කාර්යක්ෂමතාව සනාථ කරන බව සීෂෙල්ස් ජනාධිපතිවරයා අවධාරණය කරයි.