Home උණුසුම් පුවත් ලෝකයේ දෙවෙනියා වූ ජාතික කැරම් ශූරිය, කොළඹ උපන් ගමේදී අගයයි

ලෝකයේ දෙවෙනියා වූ ජාතික කැරම් ශූරිය, කොළඹ උපන් ගමේදී අගයයි

ලෝකයේ දෙවෙනියා වූ ජාතික කැරම් ශූරිය, කොළඹ උපන් ගමේදී අගයයි

වසර 7ක් තිස්සේ ජාතික කැරම් ශුරීය වන 2022 මැලේසියාවේ පැවැති ලෝක ශූරතා තරගාවලියේ රිදී පදක්කම දිනූ, කොළඹ පංචිකාවත්තේ පදිංචි ජේ. රොෂීටා ක්‍රීඩිකාව විශේෂ ඇගයීමට ලක්කිරීම, ඊයේ (15) දින සිදු කෙරිණි.

ඒ, කොළඹ සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කොළඹ සියලු නිලධාරීන් සහභාගී වූ සංවර්ධන කමිටු රැස්වීමේදීය.

2023 පැවති 47 වන ජාතික මහා ක්‍රීඩා උලෙළේදී ඇය ලැබූ රන් පදක්කම, යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා අතින් පිරිනැමීමද මෙහිදී සිදුවිය.

ජේ. රොෂීටා, 2012 ශ්‍රී ලංකාවේ පැවති ලෝක ශුරතාවයේදී රිදි පදක්කමද, 2016 එංගලන්තයේ පැවති ලෝක ශුරතාවයේදී ලෝකඩ පදක්කමද, දිනා ඇත.

මෙම ඇගයීමේ අවස්ථාවට කොළඹ ප්‍රාදේශීය ලේකම් නාලක රත්නායක, කොළඹ ක්‍රීඩා නිලධාරී නිශාන්ත දයාසිරි යන මහ්ත්තුරුද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here