Home උණුසුම් පුවත් සුනාමියදා හිරෙන් පැන්න සිරකරු අවුරුදු 19කට පසු කොටුවෙයි

සුනාමියදා හිරෙන් පැන්න සිරකරු අවුරුදු 19කට පසු කොටුවෙයි

0
සුනාමියදා හිරෙන් පැන්න සිරකරු අවුරුදු 19කට පසු කොටුවෙයි

රාගමදී පුද්ගලයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙක් ලෙස බන්ධනාගාරගතව සිටියදී සුනාමි ඛේදවාචකය පැවති අවස්ථාවේදි මීගමුව බන්ධනාගාරයේ සිට බස් රථයකින් වෙනත් බන්ධනාගාරයකට රැගෙන යමින් සිටියදි පලාගිය සිරකරුවෙක් රාගම පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 54ක් වන මෙම පුද්ගලයා රාගම නගරයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2001 වසරේදී පුද්ගල ඝාතනය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් රාගම පොලීසිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම පුද්ගලයා 2004 වසරේදී පළාගිය පසු ඔහු නොමැතිව නඩුව විභාගයට ගෙන තිබේ. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අධිකරණය විසින් ඒ වන විට බන්ධනාගාරගතව සිටි සැකකරු නිදොස්කර නිදහස්කරමින් පළාගිය සැකකරුට මරණීය දණ්ඩනය නියමකර ඇත.

පොලීසිය පවසනුයේ මෙම පුද්ගලයා රාගම නගරයට පැමිණ සිටින බවට ලද තොරතුරකට අනුව ඊයේ ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here