තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්LPL සිහින කණ්ඩායම් මෙන්න- මධුෂංක ඩොලර් 92000ක මිලක්

    LPL සිහින කණ්ඩායම් මෙන්න- මධුෂංක ඩොලර් 92000ක මිලක්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023ට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (14) රාත්‍රි කොළඹ ශ්‍රැංගිලා හෝටලයේ දී පැවැත්විණි.

    මෙහි දී කළම්බු ස්ට්‍රයිකර්ස්,දඹුල්ල අවුරා,ගෝල් ටයිටන්ස් කණ්ඩායම් ක්‍රීඩකයන් 24 දෙනා බැගින් ද, බී.ලව් කැන්ඩි කණ්ඩායම ක්‍රීඩකයන් 22ක් හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ක්‍රීඩකයන් 21ක් මිලට ගත්තේය.

    පසුගියදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා ඒ දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම් අතර නොනිල ටෙස්ට් තරගයේ ද කඩුලු අතර සිටින දිල්ෂාන් මධුෂංක ඩොලර් 92000කට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් මිලට ගැනීම කැපී පෙනෙන සිදුවීමකි.

    ඊයේ පැවැති වෙන්දේසිය අනුව දැනට එල්.පී.එල් තරගාවලිය 2023 සඳහා ඒ ඒ කණ්ඩායම් මිලට ගත් ක්‍රීඩකයන් මෙසේය.

    ජැෆ්නා කිංග්ස් – ඩේවිඩ් මිලර්✈, රහ්මානුල්ලා ගුර්බාස් ✈, තිසර පෙරේරා, මහේෂ් තීක්ෂණ, චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, ෂොයිබ් මලික් ✈, විජයකාන්ත් වියස්කාන්ත්, තීසන් විතුෂාන්, පැතුම් කුමාර, අසංක මනෝජ්, නිශාන් මධුෂ්ක. අසිත ප්‍රනාන්දු, හර්ඩස් විල්ජෝන් ✈, නුවන් තුෂාර, සමන් ඛාන් ✈, දිල්ෂාන් මධුශංක, අශාන් රන්දික, අසේල ගුණරත්න, ක්‍රිස් ලින් ✈, රත්නරාජා තනුරාදන්

    දඹුල්ල අවුරා – මැතිව් වඩේ✈, ලුංගි න්ගිඩි ✈, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, සධීර සමරවික්‍රම, බිනුර ප්‍රනාන්දු, සචිත ජයතිලක, ජනිත් ලියනගේ, හේඩ්න් කේර්✈, නූර් අහමඩ්✈,දුෂාන් හේමන්ත,ප්‍රමෝද් මධුෂාන්,ෂානවාස් දානි✈,ලක්සාන් එදිරිසිංහ, වනුජ සහන්, ඇලෙක්ස් රොස්✈, රවිදු ප්‍රනාන්දු, කවිදු පතිරත්න

    ගෝල් ටයිටන්ස් – ශකිබ් අල් හසන් ✈, ටැබ්රායිස් ෂැම්සි ✈, දසුන් ශානක,භානුක රාජපක්ෂ, සීකුගේ ප්‍රසන්න, ළහිරු කුමාර, අෂාන් ප්‍රියංජන, ලසිත් කෘෘස්පුල්ලෙ, ෂොහාන් ඩි ලිවේරා, බෙන් කටින් ✈, මිනෝද් භානුක, පසිදු සූරියබණ්ඩාර, මොහොමඩ් මිතුන්✈,ෂෙවොන් ඩැනියෙල්, මොහොමඩ් ශිරාස්,ළහිරු සමරකෝන්.ටිම් ෂෙපර්ට්✈, කසුන් රාජිත,අකිල ධනංජය,සොනාල් දිනූෂ,අවිශ්ක පෙරේරා,අනුක් ප්‍රනාන්දු.

    කලම්බු ස්ට්‍රයිකර්ස් – බාබර් අසාම් ✈, නසීම් ෂා ✈, මතීෂ පතිරණ, චාමික කරුණාරත්න, පැතුම් නිශ්ශංක, නිරෝෂන් දික්වැල්ල, ලක්ෂාන් සඳකැන්, වහාබ් රියාස් ✈, නිපුන් ධනංජය,මෝවින් සුබසිංහ, ළහිරු උදාර,එෂාන් මාලිංග, ඉෆ්තියාර් අහමඩ්✈, ෂසික දුල්ෂාන්, නුවනිදු ප්‍රනාන්දු, ලෝර්කන් ටකර් ✈, ජෙෆ්රි වැන්ඩර්සේ, ඇන්ජලෝ පෙරේරා, ධනංජය ලක්ෂාන්, කවිශ්ක අංජුල, රමේෂ් මෙන්ඩිස්, යශෝධ ලංකා, අහන් වික්‍රමසිංහ

    බී ලව් කැන්ඩි – මුජුබුර් රහමාන් ✈, ෆකාර් සැමෙන් ✈, විනිදු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, මොහොමඩ් හස්නායින් ✈, දුෂ්මන්ත චමීර, සහන් ආරච්චිගේ, අෂේන් බණ්ඩාර, අසිප් අලි✈,නවොද් පරණවිතාන,කමිදු මෙන්ඩිස්,නුවන් ප්‍රදීප්, චතුරංග ද සිල්වා, ලහිරු මධුශංක, මල්ෂ තරුපති, ලසිත් අබේරත්න, තනුක දාබරේ

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img