ගෝලීය මානව හිමිකම් පාලනය පිළිබඳ උසස් පෙළේ සාකච්ඡා සභාව අද (14) සහ හෙට (15) දෙදින බෙයිජිං අගනුවර දී පැවැත්වේ. රටවල් හා ජාත්‍යන්තර සංවිධාන 100 ක දෙස් විදෙස් ආරාධිතයන් 300 ක පමණ පිරිසක් ඊට සහභාගි වී සිටිති.
සමානාත්මතාව, සහයෝගිතාව, සංවර්ධනය, ‘වියානා ප්‍රකාශය සහ ක්‍රියාකාරී දළ සැලැස්ම” සම්මත වීමේ 30 වැනි සංවත්සරය සහ ගෝලීය මානව හිමිකම් පාලනය මෙවර සාකච්ඡා සභාවේ තේමාවයි. චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය, විදේශ අමාත්‍යංශය හා චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සිය ඒකාබද්ධව මෙවර සාකච්ඡා සභාව සංවිධාන කර තිබේ.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගෝලීය මානව හිමිකම් පාලනය පිළිබඳ උසස් පෙළේ සංසදයට සුබ පැතුම් පණිවුඩයක් අද (14) යොමු කර ඇත. ඔහු පවසන්නේ, ජගත් ප්‍රජාව සමග එක්ව ගෝලීය මානව හිමිකම් පාලනය වඩාත් සාධාරණ මෙන්ම ඉහළ සහභාගිත්වයකින් යුතු දිශානතියක් කරා මෙහෙයවීමට චීනය සූදානම් බව යි.