ජුලි මාසයේ සිට පවුල් 20කට අයත් පුද්ගලයන් ලක්ෂ 80කට අධික පිරිසකට සහන සැලසෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
අස්වැසුම වැඩසටහන මගින් එම සහන ලබාදෙන බව ඊයේ (13) කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා කීය.
සියඹලාපිටිය මහතා එහි දී මෙසේ ද පැවැසීය.
“රටේ ඇතිවුන සුවිශේෂී ආර්ථික ප්‍රශ්ණය නිසා ආර්ථික වර්ධන වේගය පසුගිය වසරේ 7.8% ඍන වුනා කියල ඒ කියන්නේ හැම අයකුගෙම ජීවනෝපාය දුර්වල වුණා. කඩා වැටුණා. යැපුම් මට්ටමේ හිටපු කෙනා ද්‍රරිද්‍රතා රේඛාව ආසන්නයේ හිටපු කෙනා ඉන් පහලට කඩා වැටුනා. ලක්ෂ 70 අධික පිරිසක් ද්‍රරිද්‍රතා රේඛාවෙන් පහලට වැටුන ජීවනෝපාය කරගන්න බැරි තැනට වැටුනා රජය මේක අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිසා අස්වැසුම වැඩ සටහන ක්‍රියාත්මක කරන්නේ පවුල් ලක්ෂ 20 සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබා දෙන්න.
පවුල් ලක්ෂ 20 ඒ කියන්නේ අපේ රටේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියන්නේ පවුලක සාමාජික සංඛ්‍යාව 3.8 කියල දල වශයෙන් පවුලකට 4 දෙනෙක්. ඒ කියන්නේ අපි පවුල් ලක්ෂ 20 සහනාධාර දෙනව කියන්නේ පුද්ගලයන් ලක්ෂ 80 දෙනව කියන එකයි.
සාමාන්‍යයෙන් ලක්ෂ 80 එහා ගිය පිරිසකට අස්වැසු මගින් සහනාධාර දෙනවා ජුලි මාසේ සිට. ඒ වගෙම මෙම සහනාධාර ලැබීමට නුසුදුසු අය පිළිබඳවත් සොයා බලනවා. ඒ සඳහා තොරතුරු සොයා බැලීම සඳහා සමාජ සුබසාධන පනත ක්‍රියාත්මක කරන්නේ ඒ අනුව තොරතුරු දෙන්නා වගේම තොරතුරු ලබා ගන්නාද වගකීමට බැඳි සිටිනවා. එම තොරතුරු ලබා ගැනීමෙන් පසු ගමේ ප්‍රසිද්ධ කරනවා. එමගින් සුදුස්සා කවිද නුසුදුස්සා කවුද කියල ගමේ අයට බලාගන්න පුළුවන් වගේම සුදුසු කෙනෙකුට නොලැබෙන්නේ නම් අභියාචනා දෙන්නත් පුළුවන් යැයි” අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.