Home උණුසුම් පුවත් මෙරට ලක්ෂ 75කට හරියට කන්න නැති කතා බොරු -ජනපති කාර්යාලය

මෙරට ලක්ෂ 75කට හරියට කන්න නැති කතා බොරු -ජනපති කාර්යාලය

මෙරට ලක්ෂ 75කට හරියට කන්න නැති කතා බොරු -ජනපති කාර්යාලය
K. H. T. Priyankari Thakshilla, 46, is farmer, mother of three and married to a rickshaw driver from the village of Kiurala, Thanamilvala. The family has fallen on desperate times as fuel prices have crushed the profitability of the rickshaw business, and governmental fertilizer bans have crushed crop yields. Coupled with elephants trampling crops and pests consuming harvests, the family is reeling from economic uncertainty. G. R. Malindi, 9, and G.M.R. Desethma, 3, have been sick in recent weeks, often missing school. Their mother claims it is because of poor nutrition with the youngest having lost weight. The family had gone from eating three meals a day to two, and now lack meat in their diet. “We used to make a decent living with my husband driving a rickshaw, farming and my propagation of seedlings. But in the current economy the price of oil is very high. Moreover, my farming activities are completely disrupted, because we can only farm in the Maha (rainy) season now.” “It’s difficult to send our children to school.” “Before, we ate three meals a day and something in between for the children. Now most of the time we only eat two meals a day.” “We eat something small for dinner, and we provide the most care and comfort for our youngest child, but that means the rest of us are living in discomfort.” “They have headaches and get gastritis due to the lack of food. My second child has some leg pains and weakness in the body. “The youngest on is loosing weight rapidly. We were informed of this by the Ministry of Health, but we can’t do anything about it.” “I’m patient, but even if I feel weak or tired, I still have to work.” “Our hope was to provide a quality education for them, give them nutritious food and make them good citizens for this country. But it feels like a distant dream now.” “We are afraid of our children’s future more than ours.” Sri Lankans are struggling to meet their food

ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලක්ෂ 75කට ප්‍රමාණවත් ආහාර වේලක් නොමැති බවට මාධ්‍ය කිහිපයක පළ කර ඇති වාර්තා ජනාධිපති කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරයි.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ඒකාබද්ධව නිකුත් කරන ලද ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් (CFSAM) වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක් පෙන්නුම් කරන බව ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා ලෝක ආහාර වැඩසටහන සඳහා වූ සහයෝගීතා ලේකම් කාර්යාලයේ (PSWFPC) අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වේ.

පසුගිය 24 වන දින නිකුත් කරන ලද ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් (CFSAM) වාර්තාවේ විශ්වසනීයත්වය තහවුරු කරමින් වැඩිදුරටත් සඳහන් කළේ, එම වාර්තාව මහජන පරිහරණය සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) වෙබ් අඩවියේ පළ කර තිබෙන බවයි.

එම වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් අදාළ දත්ත පිළිබඳ සත්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබියදී මාධ්‍ය කිහිපයක පළවී ඇති වාර්තා සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් වාර්තාවේ දත්ත පරස්පර විරෝධී වීම කනගාටුවට කරුණක් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලාංකික ජනගහණයෙන් 17%ක් එනම් ලක්ෂ 39ක් මධ්‍යස්ථව ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවයි.

නමුත් පසුගිය වසරේ ජූනි/ජූලි මාස සමඟ සංසන්දනය කිරීමේ දී එය මේ වසරේ 40%ක අඩුවීමක් වන අතර එනම් ආහාර අනාරක්ෂිත භාවයට පත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 66,000ක සිට 10,000දක්වා අඩු වී තිබේ.

‍ආහාර සුරක්ෂිතතාවයේ මෙම දියුණුව ආහාර පරිභෝජනයේ වැඩිවීමක් ලෙස දැක්විය හැකි ය.

අස්වැන්න නෙළන කාලය තුළ කෘෂිකාර්මික ප්‍රජාව අතර අඩු ආහාර වියදම් සහ ඉහළ ආදායම මෙයට හේතු වී ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම් (CFSAM) සමීක්ෂණයේ අරමුණ වන්නේ ආහාර අනාරක්ෂිතභාවයේ ප්‍රමාණය හා බරපතළකම පිළිබඳ නිවැරදි හා සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් සැපයීම මගින් අවදානමට ලක්ව ඇති ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය තොරතුරු රජය සහ ජාත්‍යන්තර ප්‍රජාව වෙත සැපයීමයි.

ආහාර සුරක්ෂිතතා තක්සේරු කිරීමේ මෙහෙයුම මගින් සම්පූර්ණ ආර්ථික වාතාවරණය සැලකිල්ලට ගනිමින් සාර්ව සහ ක්ෂුද්‍ර මට්ටම් දෙකෙහිම ආහාර සුරක්ෂිතතා තත්ත්වයන් පිළිබඳ විශ්ලේෂණය කරයි.

එම විශ්ලේෂණයට කෘෂිකාර්මික නිෂ්පාදන, වෙළෙඳපොළ තත්ත්වයන්, ඉල්ලුම් – සැපයුම් ගතිකතාවයන් ඇතුළත් ජාතික ධාන්‍ය/ප්‍රධාන ආහාර ශේෂ පත්‍රයක් (NFBS) සකස් කිරීම සහ ඉදිරි අලෙවිකරණ වර්ෂයේදී ප්‍රධාන ආහාර ආනයනය සඳහා අවශ්‍ය කරන එහෙත් සපුරා නොමැති ඇස්තමේන්තු සකස් කිරීම ඇතුළත් වන බව ද ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here