Home උණුසුම් පුවත් තඹුත්තේගම රෝහලේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස මරුට

තඹුත්තේගම රෝහලේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස මරුට

1
තඹුත්තේගම රෝහලේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස මරුට

තඹුත්තේගම රජයේ රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු සිය නිල නිවසේ නිදන ඇඳ මත අභිරහස් ලෙස මියගොස් සිටියදී අද සහවල් හමුවී ඇත.

රෝහලේ වකුගඩු ඒකකයේ සේවය කළ අමිල සදකැලුම් දිසානයක නැමති 35 හැවිරිදි වෛද්‍යවරයා මෙසේ මියගොස් තිබේ.

විවහාකයෙක් වන මෙම වෛද්‍යවරයා නාරම්මල පදිංචිකරුවෙකි.

දින තුනක් තිස්සේ සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඒ ගැන සොයා බැලීමට රෝහල් සේවකයෙක් වෛද්‍ය නිල නිවසට පැමිණි අවස්ථාවේදී ඔහු මියගොස් බව දැනගෙන ඇති බව පොලීසිය කියයි.

මෙම වෛද්‍යවරයාගේ මරණය සිදුව ඇත්තේ ඉන්සියුලින් අධිමාත්‍රාවක් සිරුරට එන්නත්කරගෙන බවට සැකකරන බවත් ඔහුගේ සිරුර අසල ඉන්සියුලින් කුප්පියක් ඇති බවත් පොලීසිය කියයි.

වෛද්‍යවරයාගේ බිරිඳත් වෛද්‍යවරියක් බවත් ඇය කුරුණෑගල රෝහලේ දන්ත වෛද්‍යවරියක් බවත් පොලීසිය කියයි. ඔවුන් දෙදෙනාට අවුරුදු 05ක දරුවෙක්ද සිටින බව සඳහන්ය.

1 COMMENT

  1. newswave.lk වෙතට
    ජන මාධ්‍යට ඉතා කැමත්තක් දැක්වු අයෙකි. නමුත් එය අද දින සිට එසේ නොවන බව කියමි.

    ඉහත වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් ඔබ සඳහන් කළ ඇති තොරතුරු වැල නිවැරදිතාවය ඔබ විසින් පරික්ෂා කර පළ කරන්නට ඇතැයි සිතන්නෙමි. එය ඔබේ වගකීම බව ජනමාධ්‍ය ඉගෙන ගත් අයෙකු වශයෙන් මා දනිමි. එහි වෛද්‍යවරයා ඉන්සියුලින් අධි මාත්‍රාවක් ලබා ගෙන ඇති බවත් ඉන්සියුලින් කුප්පියක් ඇති බවටත් පොලිසිය ඔබට දන්වා ඇති බව සඳහන් කර ඇත. මා එම මරණය සිදු වූ ස්ථානයේ ඊයේ දිනය පුරාවට රැඳී සිටි අයෙක් වේ නමුත් එහි ඉන්සියුලින් කුප්පියක් සොයාගත් බවට පොලීසිය සඳහන් කළේ ද නැත එසේ සොයා ගත්තේ නම් ඔහු එය මහේස්ත්‍රාත් තුමා වෙත ඉදිරිපත් කළ යුතුය. ඔවුන් එසේ කටයුත්තක් කළේ නැත අද දින මේ වන විටත් වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධ අධිකරණ වෛද්‍ය නිලධාරී තුමාගේ පරීක්ෂණය සිදු වෙමින් පවතී එම අවස්ථාවට වත් ඉන්සියුලීන් කොපියක් පොලිසිය විසින් ඉදිරිපත් කර නැත. මා මේ සම්බන්ධව පොලිසියෙන් විමසීමක් කළ අතර ඔහුන් කියා සිටියේ එවැනි තොරතුරක් ඔවුන් කිසිවෙකුටත් ලබා නොදුන් බවයි තව ද අධිකරණ වෛද්‍ය නිලධාරී තුමාගේ පරීක්ෂණයේ අවසන් ප්‍රතිඵල ලබා දී නැත කිසිවක් අනුමානය කර ප්‍රවෘත්ති ලෙස පළකර තමන්ගේ ව්‍යාපාරය ව්‍යාපාරයේ දියුණුව සඳහා අනුන්ගේ චරිත ඝාතනය නොකරන්න. ඉන්සියුලින් කුප්පියක් හමු වූ අයෙක් සිටීනම් ඒ සම්බන්ධව අධිකරණ වෛද්‍ය නිලධාරී තුමා දැනුවත් කරන්න.

    සියල්ල අවසන්ය ඔහු අප හැර ගොසිනි රටේ වැදගත් සම්පතක් රටට අහිමි විය. තම බිරිඳට සිය සැමියා අහිමි විය. දරුවාට තමා තමා පියා අහිමි විය.
    මවට පියාට තම දයාබර පුතණුවන් අහිමි විය. සහෝදර සහෝදරියන්ට ඥාති හිතමිතුරන්ට තම සහෝදරයා අහිමි විය. ඔහු ඉතා කරුණාවන්ත වෛද්‍යවරයෙකි කිසිවෙකුටත් වරදක් නොකළ ඔහු කිසිවෙකුටත් නොකියා සියල්ල හැර ගොසින්

    මා ඔහු සමීපයෙන් ඇසුරු කළ ඔහු සමඟ කාලය ගත කළ අයෙකි වේදනාවෙන් පිරුණු හිතකට තවත් වේදනාවල් වේදනාවන් ගෙන දෙන ආකාරයේ ප්‍රවෘත්ති පල නොකරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here