Home උණුසුම් පුවත් ගවයා වත්තට පැන්නට හිමිකරුට වෙඩි තියලා

ගවයා වත්තට පැන්නට හිමිකරුට වෙඩි තියලා

0
ගවයා වත්තට පැන්නට හිමිකරුට වෙඩි තියලා

ගවයෙකු සිය වත්තට ඇතුළු වී වගා හානි කිරීම නිසා උරණ වූ පුද්ගලයෙකු ගවයාගේ හිමිකරුට හිසට වෙඩි තැබීමේ සිදුවීමක් මැදගම පොලීසියට වාර්තා වී තිබේ.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ දහවල් කාලයේදී මැදගම රුවන්වෙල දේවගිරි විහාරය ආසන්නයේදී ඉඩමකදීය.

මෙහිදී වෙඩි වැදී බරපතල තුවාල ලැබූ ගවයාගේ හිමිකරු මොණරාගල රෝහලට ඇතුලත්කර ඇතැයි පොලීසිය කියයි.

චමින්ද ජයවර්ධන නැමැති 37 වියැති ඔහු බරපතල තත්ත්වයේ පසුවන බව රෝහල් තොරතුරු අනාවරණය කළේය.

මෙම වෙඩි තැබීමකර ඇත්තේ කේ.එම්. ප්‍රේමදාස නැමැති 65 වියැති පුද්ගලයෙකි. වෙඩි තැබීමෙන් පසු ඔහු ගිනි අවියද රැගෙන පොලිස් ස්ථානයට ගොස් භාරවී ඇත. එම අවිය බෝර 12 වර්ගයේ එකක් බවත් එය බලපත්‍ර සහිත එකක් බවත් පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here