Home උණුසුම් පුවත් පාන් ආඥා පනත අවලංගුයි

පාන් ආඥා පනත අවලංගුයි

පාන් ආඥා පනත අවලංගුයි

පාන් අලෙවිය සම්බන්ධයෙන් නීති ඇතුළත්ව තිබූ පාන් ආඥා පනත අවලංගු කිරීම කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැළැක්වීමට හැකි වන විධිවිධාන ඇතුළත් කරමින් 1864 අංක 13 දරන පාන් ආඥාපනත පනවනු ලැබීය.

එම ආඥාපනත තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව හඳුනාගෙන තිබේ.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී එම ආඥාපනතේ ඇතැම් විධිවිධාන සමඟ ගැටලු පැන නැගෙන අවස්ථාවන් ඇති බව රජය කියයි.

ඒ අනුව, එම ආඥාපනත අවලංගු කිරීම පිණිස ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here