Home උණුසුම් පුවත් ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජයගනී

ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජයගනී

ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජයගනී

තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 9ක ජයක් වාර්තා කළ ශ්‍රි ලංකා ක්‍රීඩකයෝ ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරිමට සමත්වූහ.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන ඉනිම ලකුණු 116 (22.2) කට සීමා විය.

ලකුණු 117 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දුවාර 16 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්වූහ.

තරගයේ විරයා සහ තරගාවලියේ වීරයා සම්මාන ද්විත්වයම වේග පන්දුයවන දුෂ්මන්ත චමිරට හිමිවිය.

ඇෆගනිස්තාන් පිල ඕවර 22.2 කදී 116
(ඊබ්‍රහිම් ශද්‍රාන් 22, මොහොමඩ් නබී 23, දුෂ්මන්ත චමීර 63/4, ළහිරු කුමාර 29/2, වනිඳු හසරංග 7/3)
ශ්‍රී ලංකා පිල ඕවර 16 කදී කඩුලු 1 ට 120
(පැතුම් නිස්සංක 51, දිමුත් කරුණාරත්න නොදැවී 56)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here