Home උණුසුම් පුවත් ඉන්දියාවේ දුම්රිය ඛේදවාචකය ගැන ජනපති ශෝක වෙයි

ඉන්දියාවේ දුම්රිය ඛේදවාචකය ගැන ජනපති ශෝක වෙයි

ඉන්දියාවේ දුම්රිය ඛේදවාචකය ගැන ජනපති ශෝක වෙයි

ඉන්දියාවේ නැගෙනහිර ඔඩීෂා ප්‍රාන්තයේ සිදුව දුම්රිය අනතුර සැලවීමෙන් තමා මහත් කම්පනයට පත්වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකා රජය සහ රටවැසි ජනතාව සිය අසල්වාසී රාජ්‍ය වූ ඉන්දියාව සහ එහි සහෝදර ජනතාව සමඟ අත්වැල් බැඳගෙන සිටින බවයි.

අනතුරින් මියගිය සියලුදෙනාගේ පුවල්වල සාමාජිකයන් වෙත සිය බලවත් ශෝකය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

එමෙන්ම අපේක්ෂා නොකළ අන්දමේ මෙම සිදුවීමට මුහුණ දීමට ඉන්දීය රජයට ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරන බව ද ජනාධිපතිවරයා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here