Home COVID කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව දුන් ලක්ෂ 6කට දෙවන මාත්‍රාව දීම තවම ගැටලුවක්

කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව දුන් ලක්ෂ 6කට දෙවන මාත්‍රාව දීම තවම ගැටලුවක්

කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව දුන් ලක්ෂ 6කට දෙවන මාත්‍රාව දීම තවම ගැටලුවක්

අංජනා මල්ලවආරච්චි

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් ලක්ෂ 6කට පමණ මෙම එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ගැටලුවක් වී ඇති බව සෞඛ්‍ය අංශ දත්ත වාර්තා සඳහන් කරයි.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925242කට ඊයේ පස්වරුව වන විට ලබාදී තිබූ අතර දෙවන මාත්‍රාව ලබාදී ඇත්තේ ඉන් 211518 පමණකැයිද සෞඛ්‍ය අංශ දත්ත වාර්තා කියයි.

මේ අතර චීනයේ සිනොෆාම් එන්නත පුද්ගලයන් 23775කට සහ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 5878 දෙනකුට ඊයේ පස්වරුව වන විට ලබාදී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here