තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොරෝනාවෙන් බේරෙන්න ඉන්දියානුවන් ගොම ගා ගනී - වෛද්‍යවරු අනතුරු අඟවති

    කොරෝනාවෙන් බේරෙන්න ඉන්දියානුවන් ගොම ගා ගනී – වෛද්‍යවරු අනතුරු අඟවති

    COVID-19 වෛරසයෙන් වැලැක්වීමට හැකි යැයි විශ්වාසයෙන් ගවයන්ගේ ගොම සහ ගව මුත්‍රා භාවිතා කිරීමට එරෙහිව ඉන්දියාවේ වෛද්‍යවරු අනතුරු අඟවති.

    එහි ඵලදායිතාව පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි නොමැති බවත් එය වෙනත් රෝග පැතිරීමේ අවදානමක් ඇති බවත් වෛද්‍යවරු පෙන්වා දෙති.

    බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ, සමහර බැතිමතුන් සතියකට වරක් ගව ගොම හා මුත්‍රා සිරුරුවල ගල්වාගැනීම කරන බව එරට වාර්තා පවසයි.

    එය ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නංවනු ඇතැයි හෝ කොරොන වයිරසයෙන් සුවය ලබා ගැනීමට උපකාරී වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් ඔවුන් මෙලෙස ගොම සහ ගව මුත්‍රා ගල්වාගන්නා බව පවසති.

    වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇත්තේ එමගින් වෙනත් රෝග පැතිරීමේ අවදානමක් මතුවිය හැකි බවයි.

    හින්දු ආගමේ ගවයා යනු ජීවිතයේ හා පෘථිවියේ පූජනීය සංකේතයක් වන අතර, සියවස් ගණනාවක් තිස්සේ හින්දු භක්තිකයන් තම නිවෙස් පිරිසිදු කිරීමට හා යාඥා චාරිත්‍ර සඳහා ගව ගොම භාවිතා කරයි. එයට චිකිත්සක හා විෂබීජ නාශක ගුණ ඇති බව විශ්වාස කරති.

    කොරෝන වසංගතය ඉන්දියාවට විශාල විනාශයක් සිදු කර ඇති අතර මේ වන විට රෝගීන් මිලියන 22.66 ක් සහ මරණ 246,116 ක් වාර්තා වී තිබේ.

    විශේෂඥයන් පවසන්නේ සැබෑ සංඛ්‍යාව ඊට වඩා පස් ගුණයකින් හෝ 10 ගුණයකින් වැඩි විය හැකි බවයි.

    රට පුරා සිටින පුරවැසියන් රෝහල් ඇඳන්, ඔක්සිජන් හෝ ඖෂධ සොයා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටි.

    ප්‍රතිකාර නොලැබීම නිසා බොහෝ දෙනෙක් මිය යති.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img