තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්පා එකෙන් ලක්ෂයක් ගද්දිම අයි.පී. අල්ලස් එකට මාට්ටු

    ස්පා එකෙන් ලක්ෂයක් ගද්දිම අයි.පී. අල්ලස් එකට මාට්ටු

    කඩවත පිහිටි සම්බහන මධ්‍යස්ථානයකින් රුපියල් ලක්ෂයක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදී වැඩ තහනමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයෙකුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සපුගස්කන්ද පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටියදී පසුගිය අප්‍රේල් 21 වෙනිදා සිට සේවය අතහැර ගිය නිලධාරියෙක් වන රණසිංහ නැමැති අයව මෙසේ අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    රාගම කඩවත මාර්ගයේ දී මෙම අල්ලස ලබාගෙන ඇත්තේ මෝටර් රථයක් තුළදීය.

    මෙම සම්බහන මධ්‍යස්ථානයේ කටයුතු පොලීසියෙන් බාධාවක් නොමැතිව කරගෙන යාමට අවශ්‍ය පහසුකම් කඩවත පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙක් මගින් කර දීමට යැයි කියා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව කියැවේ. මේ ගැන මෙම ස්පා ආයතනයේ හිමිකාරිය විිසින් අල්ලස් කොමිෂමට කල පැමිණිල්ලකට අනුව මෙම වැටලීම ඊයේ සවස කරමින් සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img